තමන්ගේ ආරක්ෂාව වැඩි කරන ලෙසට තම ආරක්ෂාව භාර ප‍්‍රධාන නිළධාරියා රජයෙන් ඉල්ලිමක් කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(26) කොළඹදි පැවැසීය.
ඒ අනුව තම ආරක්ෂාව භාර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් එම ඉල්ලිම සිදුකර ඇති බවද ඔහු කිය.
තම පවුලේ උදවිය ඝාතන සැලැස්මක් පිලිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වාර්තා කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජය වහාම කටයුතු කළ යුතු බවත් රාජපක්ෂ මහතා පැවැසීය.
එල්ල වි ඇති ජීවිත තර්ජන හමුවේ ඉදිරියේදී තමා රට පුරා පැවැත්වෙන රැස්වීම්වලට යා යුතුව ඇති බවත් මරණයට බයේ ඒ දේවල් නොකරයි කියල ආණ්ඩුව හිතනවනම් එය වැරදීමක් බවත් හිටපු ජනාධිපතිවරයා සදහන් කළේය.
විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතාගේ ආරක්ෂාව සම්බන්දයෙන් මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්ණයකට පිලිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...