විදේශ පුවත්

නිව්යෝර්ක් නුවර පදික හා පාපැදි මංතීරුව වෙත ට්‍රක් රථයක් ධාවනය කිරීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. බී.බී.සී පුවත් සේවය පැවසුවේ ව්‍යාජ ගිනි අවි සහිතව ට්‍රක් රථයෙන් පිටතට පැමිණි පුද්ගලයකුට පොලිසිය වෙඩි තබා අත්අඩංගුවට ගත් බවය.
සිද්ධිය වූ ප්‍රදේශයට නිව්යෝර්ක් නගරාධිපතිවරයා මෙන්ම ආණ්ඩුකාරවරයාද පැමිණ තිබේ. සිද්ධිය ඇසින් දුටු ඉයුජින් නමැත්තෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ පාපැදි මංතීරුව වෙත වේගයෙන් ඇදී ආ ට්‍රක් රථයක් පුද්ගලයන් පිරිසක ගැටුණු බවය. එසේම වෙඩි ප්‍රහාර නවයක් හෝ 10ක් ඇසුණු බවද ඔහු පවසයි.
හදිසි අවස්ථා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බැවින් අදාළ ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට එරට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More