ප‍්‍රධාන පුවත්

පළාත් පාලන මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැඳවා ඇති සාකච්ඡාවට සහභාගි නොවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව තරග නොකළහොත් අන්ත පරාජයක් අත්විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ මතයයි. ඔවුන්ගේ බලපෑම මත ඒ පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා කිරීමට පක්ෂ නායකයා ලෙස ජනාධිපතිවරයා විසින් මේ මස 03 දා සාකච්ඡාවක් කැඳවා තිබේ.
එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයකගේ මතය වී ඇත්තේ 2015 අගෝස්තු මස මැතිවරණයේදී මෙන් රැවටීමකට ලක්නොවිය යුතු බවයි. මේ හේතුවෙන් එක්ව තරග නොකළ යුතු බවත් එනිසා තුන් වැනිදා සාකච්ඡාවලට යෑම ඵල රහිත බවත් ඔවුන් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
ඒකාබද්ධ විපක්ෂ ප්‍රකාශකයකු පැවසුවේ මෙම සාකච්ඡාවේදී ද අවසන් තීරණය වනු ඇත්තේ වෙන්ව තරග කිරීම පමණක් බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More