සීගිරිය කියු පමණින් කාගෙත් සිතට එන හැඟිම වනුයේ ප්‍රතාපවත් අයුරින් නැගී සිටින විසල් ගිරි පවිවකි..මා සීගිරිය පිලිබඳ කතා කරන්නට නොයන්නේ ප්‍රධාන අරමුණ සිගිරිය පිලිබඳ කතා කිරිම නොවන නිසාය..මෙි දිනවල සමාජ ජාල වල පැතිරෙන සංස්කෘතිය පිලිබඳ දැන හෝ නොදැන තමන්ගේ පශ්චාද්බාග ප්‍රදර්ශණය කරමින් ජායාරූප ගනිමින් විනෝද උයනක් බවට පත් කරගන්නට සුදානමි වන පිදුරංගල රජමහා විහාරයේ සංස්කෘතික වටිනාකම සුලුවෙන් හො ලිවිම වැදගත්ය..
සීගිරි ගිරිශිඛරය තරණය කර අවට බැලුවහොත් නිල්වන් දරශණය මැද උතුරු දෙසින් පෙනෙන සුවිශේෂි ස්වරූපයන් ගන්නා ගිරිශඛරය පිදුරංගලයි..සිගිරියේ සිට 2KM පමණ උතුරු දෙසින් පිහිටා ඇති පිදුරංගලද සිගිරිය මෙන්ම ශේෂකන්දක් බව භු විද්‍යාත්මකව පැහැදිලි වෙි.ක්‍රිස්තු පූරව පලවන හා තුන්වන සියවසට අයත් ශිලා ලේඛන වලට අනුව පිදූ අරංගල-පිදුරංගල ලෙස වර්ථමාන ජනවහරට එක්වු මෙි සෙනසුනෙහි සිගිරි රාජධානිය ඇරඹෙන්නටත් පලමුව ආරණ්‍යවාසි භික්ෂුන් වහන්සේලා වැඩසිටි බවට සාධක හමුවෙි.මහා වංශයට අනුව දළ වෙහෙර ලෙස හඳුන්වන්නේ පිදුරංගල විහාරය බවට විශ්වාස කෙරෙන අතර සීගිරිය කරවු කාශ්‍යප රජතුමාගේ අනුග්‍රහයෙන් එකල ඉතා දියුණු සෙනසුනක් ඉදිවි තිබෙන්නට ඇති බව ගල් කනු 45කින් යුක්ත ගොඩනැගිල්ලේ නටබුන් වලින් සාක්ශාත් කරගත හැකිවෙි.
සිගිරිය පිලිබඳ පුරාවිද්‍යා කැනිමි කටයුතු සිදුකල පුරෝගාමියා වන සෙනරත් පරණවිතරන මහතා පිදුරංගල ආශ්‍රිතව කරන ලද කැනිමි වලදි හමුවු සාක්ශි ඔස්සේ බලන කල අතීත ශ්‍රී ලංකාවෙි ශ්‍රී විභුතිය කියා පාන සාක්ෂි බොහොමයක් පිදුරංගල ආශ්‍රිතව හමු වි තිබෙි.මෙම කැනීමි වලදි හමු වු දාගැබ ලංකාවෙි වෙනත් කිසිදු තැනකින් හමු නොවු ක්‍රමානුකුලව සකස් කල ධාතු ගර්භයකින් හෙබි වීම නිසා මෙය සීගිරි කාශ්‍යප රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර නිර්මාණය කල සෑයක් බවට විද්වතුන් මත පලකරයි..තවද ඉපැරණි බොධිඝරයක නටබුන් දැකගත හැකි අතර කටාරමි ලෙන්ලිපි සහිත එකල භාවනානුයෝගි භික්ෂුන් වහන්සේලා වැඩසිටි ගල්ලෙන් සංකීර්ණයක් මෙම පුජාභුමයේ පිහිටා ඇත.සීගිරි කාශ්‍යප රජසමයේ ඉදිවන්නට ඇතැයි සිතිය හැකි හුණු මිශ්‍රිත විශේෂ බදාමයකින් සකස් කරන ලද අඩි 50ක් පමණ දිගින් යුක්ත වන ප්‍රතිමා වහන්සේ ලෝකයේ පැරණිම හා සුවිශේෂි ප්‍රතිමා වහන්සේ බව පිදුරංගල කැනිමි කටයුතු සිදු කල විද්වතුන්ගේ මතයයි..අනික් සුවිශේෂි කරුණ වන්නේ මෙම පිලිම වහන්සේ නිර්මාණය කර ඇත්තේ සීගිරි පර්වතයට හොඳින් ප්‍රදරශණය වන ආකාරයෙනි.විහාර මන්දිරය තුල ඇති බුද්ධ ප්‍රතිමාද කාශ්‍යප යුගයට අයත් ඉපැරණි බුදු පිලිම වහන්සේලා බව පුරාවිද්‍යාත්මක සාධක ඔස්සේ පැහැදිලි වෙි..
ඉතා මනරමි භුමි භාගයක පිහිටි මෙම සෙනසුනෙහි ඉහලින් පිහිටි පිදුරංගල අංශක 45 ක පමනආනතියකින් යුත් මුදුනක් සහිත ගල් පවිවකි..මෙය මතට නැගගත් විට සිගිරිය හොඳින් දර්ශණය වන අතර අවට භුමියද අලංකාර දර්ශණ නෙතට ගෙනහැර දක්වයි..එකල කාශ්‍යප රජුන් සිය රාජධානිය ආසන්නයේම ඇති පිදුරංගල විහාරයට අතිමහත් සත්කාර කරමින් දියුණු කරන්නට ඇති බව සිතාගත හැකිය.නමුත් ඛෙිදනිය කරුණ වනුයේ කලක් සංචාරකයින්ට අමතකව නිදන් හොරුන්ගේ තෝතැන්නක්ව විනාශයට ගිය ඓතිහාසික පිදුරංගල පුදබිම වර්ථමානය වන විට සංස්කෘතයක අගය නොදන්නා මෝඩයින්ගේ උද්‍යානයක් බවට පත්විගන එන අවදානමය..සිතා බලන්න..වරක් හෝ ඔබත් නිවැරදි සිහියෙන් පිදුරංගලට සිගිරියට ගියහොත් ඒ අධ්‍යාත්මික සුවය ඔබගේ හිතටත් නිසැකවම දැනෙනු ඇති.ඉතින් අපි වනසන්නනට ඉඩ හැරිය යුත්තේ අපේම ඓතිහාසික සංස්කෘතියද???පිලිතුර ඔබෙි අතේය….
(පුරාවිද්‍යා සාධක පිලිබඳ උපුටා ගැනිම : “පිදුරංගල විහාරය” දානියගම ආනන්ද ස්වාමින් වහන්සේ)
හර්ෂණ කසුන් මිල්ලතේ





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...