Uncategorized

මාලදිවයින් ජනාධිපතිවරණයෙන් එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නියෝජනය කළ පොදු අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි ජය ගෙන තිබේ.

එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කල නිවේදනයට අනුව සෝලි ඡන්ද 134616 ක් ලබා ගෙන ඇත.

ඡන්ද මාධ්‍යස්ථාන 472කදී 233877 දෙනෙකු ඡන්දය භාවිත කර ඇති අතර එය 89.22%ක ප්‍රතිශතයකි.

මෙම ජයග්‍රණයත් සමග වසර 5 ක් බලයේ සිටි ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට සිය ධූරයෙන් නික්ම යාමට සිදු වේ.

මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ජයගත් විපක්ෂ අපේක්ෂක ඊබ්‍රාහීම් මොහොමඩ්ට ශ්‍රී ලංකා රජය සුබ පැතුම් එක් කර ඇත.

ජනාධිපතිවරණ ජයග්‍රාහක ඊබ්‍රාහීම් මොහොමඩ් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවද ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සබඳතා තවත් ශක්තිමත් කරගැනීමට පියවර ගන්නා බවද ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය නිවේදනයක් ද නිකුත්කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More