ව්‍යාපාරික පුවත්

රුපියලේ අගය පාලනයකින් තොරව ඉහළ යාම ආර්ථිකයට බලපෑමක් නෑ කියා මහ බැංකුවේ නිලධාරියෙක් කියන ප්‍රකාශයක් දැක්කා. ලංකාවේ නිෂ්පාදන බොහොමයකට ආනයන වියදම බලපානව ඛනිජ තෙල්, පොහොර ආදිය ආනයනය කරන දේවල්. ඇගලුම් කර්මාන්තයට අවශ්‍ය රෙදි ආදිය ගෙන්වන්නෙත් පිටරටින්. මේවයෙ මිල ඉහළ යනවා කියන්නෙ එය නිෂ්පාදන වියදමට සහ අපනයන වෙළදපොලට බලපානවා. අනෙක් කරුණ ණය පොළියට ගෙවිය යුතු මුදල රුපියල් වලින් ඉහළ යාම. මේවා ගෙවන්ඩ අවශ්‍ය බදු එකතු කරන්නෙ රුපියල් වලින්. ඒ නිසා අනිවාර්යයෙන්ම බදු තව තවත් ඉහළ නංවන්ඩ වෙනවා.

ඒ වගේම ආනයන මිල ඉහළ යාම මත (තිරිගු පිටි, ඛනිජ තෙල්, කිරිපිටි, ඖෂධ ආදිය. මේවට දේශීය විකල්පත් නෑ. දේශීය කර්මාන්තවලට හිතකර ප්‍රතිපත්ති නොවේ පහුගිය කාලෙ ක්‍රියාත්මක උනේ.) ජිවන වියදම ඉහළ යාම නිසා සහ වැඩිිපුර බදු ගෙවීම නිසා මිනිස්සුන්ගෙ වියදම් කිරීමේ හැකියාවත් අඩු වෙනවා. පරිභෝජන හැකියාව අඩු වෙනවා. ආයෝජන නවතිනවා. දැනටත් මේක දක්නට ලැබෙනවා. ප්‍රතිපලය ආර්ථිය ක්‍රියාවලිය තව තවත් සංකෝචනය වීම. එවිට සමස්ත බදු ආදායම අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු වන නිසා හිග රාජ්‍ය ආදායම පියවාගන්ඩ තවත් බදු ගහන්ඩ සහ ණය ගන්ඩ වෙනවා. රටේ සම්පත් කුණු කොල්ලෙට විකුණන්ඩ වෙනවා. මුළු රටම සින්න වෙලා රටේ වැසියන් විදෙස් බැංකුවල ණය ගෙවන වහලුන් පිරිසක් වෙලා තමා මේ ක්‍රියාවලිය නවතින්නෙ.

‍මේ තත්වය උදා වෙන්ඩ හේතු ගණනාවක් බලපෑව. 2015 ජනාධිපතිවරණයෙන් පසුව මහ මැතිවරණයට දුන්න ඡන්ද ගුණ්ඩු නිසා රාජ්‍ය වියදම් ඉහළ යාම ප්‍රධාන හේතුවකි. ඛනිජ තෙල් මිල විශාල ලෙස එකවර අඩු කිරීම නිසා ආනයන වියදම් ඉහළ ගියා (වත්මන් රජයටද සම්බන්ධ මහාචාර්ය රොහාන් සමරජීව එක් හමුවකදි කිව්වා සමහර ඛනිජ තෙල් වර්ග ආනයනය ඩබල් වූ බව. මේව පුද්ගලික පරිභෝජනයට ගෙනාපුව නිසා එයින් රටේ නිෂ්පාදනයේ ඉහළ යාමක් උනේ නෑ). රාජ්‍ය සේවක වැටුප් 10,000කින් වැඩි කිරීම, සමෘද්ධි දීමනා දෙන පිරිස වැඩි කිරීම ආදිය නිසාත් රාජ්‍ය වියදම් ඉහළ ගියා. මහ බැංකු වංචාව සහ ඒ හරහා පොළි අනුපාත ඉහළ යාමත් බැදුම්කර වලට ගෙවන්ඩ ඕන පොළිය ඉහළ යාමත් නිසා රාජ්‍ය වියදම් ඉහළ ගියා. ආනයන වියදම් ඉහළ යාම නිසා විදෙස් සංචිත ප්‍රමාණවත් උනේ නෑ රුපියල පාලනය කරන්ඩ. ප්‍රතිපලය රුපියල අතහරින්ඩ සිදුවීම. එයින් පස්සෙ දැං ඔහේ පාවෙලා යනවා.

මේ තත්වය වෙනස් කරන්ඩ සැලසුමක් පේන තෙක් මානෙක නෑ. මේ වළට රට ඇදලා දාපු පිරිස දැන් එක්කො කලින් ආණ්ඩුවට බනිනවා. නැත්තං පෙරළුන පිට හොදයි කියනවා.

Dharshana Kasthurirathna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More