මුහුණු පොතෙන්

පොහොර ගස හෙවත් මී ගස

September 22, 2018 1:49 am | Lanka Lead News

අපේ මී ගස රජ අණින් අවසර ලබා නොගෙන කැපීම තහනමි කරපු එකම වෘක්ෂයයි.
කෙතරමි පූජනීය වුවත් බෝ ගස කපන්නට රජුගෙන් අවසර ගත යුතු වූයේ නැහැ.
නමුත් මී ගස තහනමි.

1833 සුද්දා විසින් ඉදිරිපත් කෙරූ ” කෝල්බෲක් – කැමරන් ප්‍රතිසංස්කරණවලින් ” පසු මී ගස කැපීම ආරමිභ වූවා.
කුඹුරේතැන තැන තිබූ දැවැන්ත මී ගස් ටික කැපුවෙි අපිමයි.
සුද්දා ඒකට අපව දිරිමත් කලා .ගොවි බිමි පාලු උනාම අපි සුද්දගෙ වත්තෙ වැඩට ගියා.
පුරාණේ අපේ කුඹුරු ටික පොහොර කලේ මී ගස . මී ගෙඩි කන්න ආවා වවුල්ලු වසුරු ( බෙටි ) දැමිමා.එයින් ගිනි පෙටිටි පියනක පුමානයක යූරියා කිලෝ දෙක තුනක ඇති රසායනික සංඝටක තිබෙනවා.

වවුල් වසුරු වල ඇති සංඝටක ස්වභාවික ව දිරාපත් වන දෑ .බැර ලෝහ එහි නැහැ.ඇමෝනියා ,යූරියා , TDM පොහොර වලින් දෙන රසායනික උත්තේජනය දෙනවා. හැබැයි දිරාපත් නොවෙන බැර ලෝහ නැතුව .

රසායනික පොහොර වල ඇති බැර ලෝහ නිසා අපේ වකුගඩු විනාශ වනවා.
මී ගසට ඇදී එන වවුලන් නිසා ගොවිතැනට ඇදී එන පළිබෝදකයන් විශාල ලෙස පාලනය වන අතර මී ගසේ මල්වලට ආකර්ශනය වන මී මැස්සන් නිසා ගොයමි මැස්සන් කුඹුරට ඇදී ඒම සීමා වෙනවා.

මෙලෙස ස්වාභාවික පලිබෝද පාලනය මී ගසේ ඇති තවත් එක් සුවීශේෂී ලක්ශනයක්.

සිංහල වෙදකමට අදටත් මී ඇට සහ මී මල් ලබා ගන්නවා.

හෙළ රජ දරුවන් මහත් ඕනෑකමින් ආරක්ෂා කළ මී ගස වී ගොවිතැනේ දී කෘමීන් පළවා හැරීමටත්, පක්ෂීන් ආකර්‍ශනය කර ගැනීමටත්, පත්‍ර කෙත සරුකරන පොහොරක් ලෙසත් උපයෝගී විය. කුඹුරු අක්කරයකට එක් මී ගසක් ප්‍රමාණවත්ය. මී ඵල රස බැලීමට පැමිණෙන වවුලන්ගේ වසුරුවලින් පැළ ගොයමට අවැසි ජීවාන්තර පොහොර (නයිට්‍රජන්) ලැබේ. තවද ගොයමට හානිකර වූ මැස්සන් ආදි කුඩා කෘමි සතුන් වවුලන්ගේ ආහාර වීම නිසා ගොයමට සිදුවන කෘමි හානිය ද පාලනය වේ. එමෙන්ම මී ම‍ලෙහි පැණි බීමට එන මී මැස්සන්ගේ නාදයද කෘමි හානිය අවමවන තවත් ක්‍රමයකි. තවද පැරැන්නෝ කෙම් ක්‍රමයක් ලෙස නැගෙනහිරට පිහිටා ඇති මී මුලක් කුඹුරෙහි සිව් කොනෙහි ගැසීම කරන ලදි. ඉන් බලාපොරොත්තු වූයේ කෘමි හානිය අවමකර ගැනීමයි. එමෙන්ම ගොයමට පොහොරක් ලෙස මී තෙල්හි අතුරු ඵලය වු රොඩ්ඩ භාවිතා කෙරිණි. පැරැන්නෝ මෙවැනි ප්‍රයෝජන රාශියක් අත්කරගත් මී ගසට වි‍ශේෂ ස්ථානයක් ලබා දී තිබුණි. නමුත් අද වනවිට මේ තත්ත්වය වෙනස් වී ඇත. නූතන ගොවිතැන තුළ කෘමීන් මර්දනය සඳහා බහුලව රසායනික පොහොර සහ කෘමිනාශක යොදා ගනී. නමුත් මෙහි අහිතකර ප්‍රතිඵලය වන්නේ මිනිසා රෝගියෙකු කිරීමයි.

රජරට අනුරාධ තෙන්නකෝන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More