ප‍්‍රධාන පුවත්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉදිරි දින කිහිපය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, ප්‍රබල පාතාල නායකයකු වන මාකඳුරේ මධුෂ් ලවා ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන්ත්‍රණය කළේ යැයි කියන සිද්ධියකට අදාළව සිදුවන විමර්ශනවලට අනුව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙම කැඳවීම සිදු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මෙම කැඳවීමට අදාළ දිනයක් ඉදිරි දින කිහිපය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පොලිස්පතිවරයාට දැනුම් දෙනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

මේ අතර ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට සිය ධුරයෙන් සති දෙකක් ඇතුළතදී ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇති බවයි.

ඒ අනුව පොලිස්පතිවරයාට සති දෙකක කාලයක් තුළ ඉල්ලා අස්වීමේ ලිපිය භාර දීමට සිදු වේ.

කෙසේ වෙතත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය ගැන අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වා වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ඇමැතිවරයා නියෝග කර ඇතැයි නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසී ය.

නීතිය හා සාමය අමාත්‍යාංශයට ‍පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබි ඇති බවත් ඒ අනුව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා අමාත්‍යාංශ ‍ලේකම්වරයා වෙත නියෝග කර ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සති දෙකක් ඇතුළත සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම් දී ඇතැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් එවැනි ඉල්ලීමක් කළ බවට අමාත්‍යාංශයට හෝ ‍පොලිස් කොමිසමට වාර්තා වී නොමැති බවද නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More