හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ. කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙලෙස විදේශගත වීම තහනම්කර ඇත්තේ ගාමිණී සෙනරත්,ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමණාකාර අධ්යක්ෂ පියදාස කුඩාබාලගේ සහ හිටපු සමෘධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න යන අයටයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධිත සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලුපිටියේ ග්‍රෑන්ඩ් හයට් ව්‍යාපෘතිය සදහා වෙන් කෙරුණු රුපියල් බිලියන 18.5 ක මුදලින් රුපියල් බිලියන 4ක් නීතිවිරෝධී ලෙස හම්බන්තොට හයට් රිජන්සි හෝටල් ව්‍යාපෘතියට යොදවා රජයේ මදල් අවභාවිත කළේයැයි ඔවුන්ට එරෙහිව චෝදනා නැගී තිබේ. මේ සම්බන්දයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ ඔවුන්ගේ නිවෙේ වෙත ගියද ඔවුන්න් නිවෙස් වල නොසිටි බව පොලිස් මූුලි අපරාධ කොට්ඨාශය අධිකරණයට වාර්තා කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...