ප‍්‍රධාන පුවත්

යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක ප්‍රයත්නයක් බවත් එවැනි සංශෝධනයක් රැගෙන එනවා නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුව 20 වැනි සංශෝධනය ඉතා කෙටි මාර්ගවලින් කරළියට ගෙන ඒමට සැරසුණත් ඒ සඳහා ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් අවසර දීමක් සිදුවේද යන්න පිළිබඳව ඇත්තේ සැක සහිත තත්ත්වයක් බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

පසුගියදා අනුරාධපුර පූජා භූමියේදී පැවැති ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත.
හිටපු ජනාධිපතිවරයා මෙසේද ප්‍රකාශ කෙළේය.

20 වැනි සංශෝධනය කියන්නේ අසාර්ථක උත්සාහයක් විදියටයි මම දකින්නේ. අද කුමක්ද වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව මැතිවරණ කල් දමමින් යනවා. අපි මේ ආණ්ඩුවෙන් හැමදාම මැතිවරණ ඉල්ලුවා. පසුගියදා දහස් ගණනක් ජනතාව කොළඹට ආවේත් මැතිවරණ පවත්වන්න කියලා ආණ්ඩුවට බල කරන්නයි.

නමුත් ආණ්ඩුව මේවාට ඇහුම්කන් දෙන්නේ නැහැ. හරියට බීරි අලින්ට වීණා වයනවා වගේ දෙයක් මේක. කෝ අද ප්‍රජාතන්ත්‍රවාදය. ඒ වගේ දෙයක් අද ඇත්තෙම නැහැනේ. දැන් මැතිවරණ අවුරුදු කීයක් පරක්කු වෙලාද? ඒ වගේම ආර්ථිකයට වෙලා තිබෙන දේ බලන්න. දවසින් දවස බිඳ වැටෙනවා. අගමැතිවරයාත් මේ දේවල් පිළිගන්නවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More