කලා පුවත්

සමන් වික්‍රමාරච්චි විසින් රචිත ‘අප්පච්චි ඇවිත්’ කෘතිය වසරේ විශිෂ්ටතම නවකතාවට හිමි ස්වර්ණපුස්තක සම්මානය දිනාගැනීමට සමත්විය.

ශ්‍රීලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ඊයේ (15දා) උත්කර්ෂවත් අන්දමින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්විණි.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය මෙහාන් ලාල් ග්‍රේරැ මහතාගේ ප්‍රධානත්වයනේ පැවති ස්වර්ණපුස්තක සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස සම්මාන දිනු අපප්ච්චි ඇවිත් කෘතිය වෙනුවෙන් එහි කර්තෘ සමන් වික්‍රමාරාච්චි මහතාට රැපියල් ලක්ෂ 7ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමිණි.

ජයතිලක කම්මැල්ලවීරයන් විසින් රචනා කරන ලද චක්‍ර, පද්මිණි සෙනවිරත්න විසින් රචනා කරන ලද වරණ, විමල් උදය හපුගොඩආරච්චි විසින් රචනා කරන ලද යකඩ සිල්පර, සහ දර්ශනා ශම්මි ජයතිලක විසින් රචනා කරන ලද අසනග වැසි යන කෘතීන් ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත වූ අවසන්වටයේ කෘති පහ වන අතර, මෙම කෘතීන් සඳහාද සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More