ප‍්‍රධාන පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමට ත්‍රස්ථ විමර්ශන එක්කයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා විසින් යෝජනා කළ බවට දූෂණ විරෝධි ව්‍යාපාරයේ නාමල් කුමාර විසින් මාධ්‍ය හමුවේ දී කළ අනාවරණය ගැන විමර්ශනයක් ආරම්භ කළ බව ඊයේ(17) ‍අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වෙත දැනුම් දෙනු ලැබීය.

එම මාධ්‍ය හමුවේදී නාමල් කුමාර නැමැත්තා විසින් කරන ලද ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකරන ලද වීඩියෝ පට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් දෙරණ ඇතුළු මාධ්‍ය ආයතන වෙත දන්වා නියෝග කළේය.

නාමල් කුමාර ඇතුළු තවත් කිහිප දෙනෙකුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් විමර්ශන පිළිබඳ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා සිටියේය.

2017 වසරේ දී ප්‍රංශයට ගිය අවස්ථාවක දී හඳුනා ගත් අයෙකු විසින් කරුණා පාර්ශවය නියෝජනය කරන පුෂ්පරාග නැමති අයෙකු සමඟ එක්වී නැගෙනහිර ප්‍රදේශයේ කලබලකාරී තත්ත්වයක් නිර්මාණය කරන්නේ නම්, ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙසට නාමල් කුමාර නැමැත්තාට ප්‍රකාශ කර ඇති බවත්, ඒ සඳහා ඔහු එකඟ වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

එසේ එකඟ වී යළි දිවයිනට පැමිණිමේ දී නාමල් කුමාර නැමැත්තා පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත්, එහිදී පොලිස්පති නාලක ද සිල්වා මහතා සමඟ ඇති වු මිත්‍රත්වය මත එම ඝාතනය පිළිබඳ තමාට දැන්වු බවත් නාමල් කුමාර නැමැත්තා ප්‍රකාශයක් ලබා දී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට අද දැනුම් දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More