ක්‍රීඩා පුවත්

‘ක්‍රිකට් ඒඩ්’ වැඩසටහනට අරමුදල් රැස් කිරිමේ අරමුණින් ශ්‍රී ලංකා පිල සහ ලෝක ක්‍රිකට් කණ්ඩායමක් අතර දිවා රාත්‍රී විස්සයි20 ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. ලබන සැප්තැම්බර් මස 8 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයට මෙරට හිටපු ක්‍රීඩකයන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හිටපු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සහභාගි වීමට නියමිතය.

මෙරට දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන ‘ක්‍රිකට් ඒඩ්’ වැඩසටහනේ තවත් පියවරක් ලෙස පැවැත්වෙන මේ තරගයට ශ්‍රි ලංකා පිලේ හිටපු නායකයන් කිහිපදෙනකුම ක්‍රීඩා කරන බව තරගය පිළිබඳ ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

‘ශ්‍රී ලංකා කණ්ඩායමට සහ ලෝක ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වෙනවා. තිලකරත්න ඩිල්ෂාන් මේ තරගයට ක්‍රීඩා කරන බව දැනටමත් තහවුරු කරලා තිබෙනවා. කුමාර් සංගක්කාරට විදෙස් ක්‍රීඩා සමාජ සමග ඇති ගිවිසුම් නිසා තරගයට පැමිණිය නොහැකි බව සඳහන් කළා. මහේල ජයවර්ධනටත් ඒ ගැටලුවම තිබෙනවා. නමුත් ඔහු මේ තරගයට සහභාගිවීමට උත්සාහ කරන බව කීවා. එය තවමත් තහවුරු වී නැ. කොහොමවුණත් ලෝක ක්‍රිකට් පිටියේ හිටපු ක්‍රීඩකයන් 13ක් රටවල් 7කින් තරගයට එක්වීමට නියමිතයි.’ ඈෂ්ලි ද සිල්වා මහතා කීවේය.

‘මේ තරගයට සහ ඒ සඳහා නිර්මාණය කර ඇති ලාංඡනයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ලැබුණා. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් අපි ඇස්තමේන්තු කළ විදිහට මිලියන 40ක පමණ ආසන්න මුදලක් වැයවෙනවා. නමුත් ඊට වඩා විශාල ප්‍රමාණයක අරමුදලක් ගොඩනැගීමයි අපේ ඉලක්කය වෙන්නේ. තරගය සජීවිව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක විකාශය කිරීමටත් කටයුතු යොදා තිබෙනවා.’ ඔහු පැවැසීය.

මෙරට දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් පමණක් නොව පසුගිය කාලයේදී ගංවතුර ගැලීමෙන් විපතට පත්වූ සහ දැනට මෙරට පවතින දරුණු නියඟයෙන් පිඩාවට පත් ජනතාවටත්, ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ විස්තර විචාරකයන්ටත් මේ තරගයෙන් ලැබෙන අරමුදල යටතේ සහන සැලසීම ක්‍රිකට් ආයතනයේ අරමුණ වී තිබේ.

ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට මේ තරගය සඳහා ඔවුන්ගේ කාලය වෙන් කිරීමට සිදුවීම නිසා ඊට සරිලන ගෙවීමක් සිදුකළත් එය සාමාන්‍ය තරගයකට ගෙවන මුදල් මෙන් විශාල මුදලක් නොවන බව ද ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරොම් ජයරත්න මහතා ද මාධ්‍ය හමුවට එක්වි සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More