විදේශ පුවත්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ආධාරකරුවෙකු වන රොජර් ස්ටෝන් නමැත්තාගේ ගිණුම අත්හිටුවීමට ට්විටර් සමාජ මාධ්‍ය ජාලය පියවර ගෙන තිබේ.
රොජර් ස්ටෝන් ට්විටර් මගින් මාධ්‍යවේදියෙකුට අපහාසාත්මකව ඇමතීම ඊට හේතුවයි. මෙලෙස ඔහුගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ CNN නිවේදකයෙකු වන දොන් ලෙමන් නමැත්තාය. ඔහු සමලිංගිකයක ලෙසද ප්‍රකටය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමලිංගිකයන්ට විරුද්ධ අයෙකි. මෙම තහනමට එරෙහිව ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට එරෙහිව නඩු පවරන බව රොජර් ස්ටෝන් ප්‍රකාශ කර ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ උපදේශකයකු ලෙස කටයුතු කළ රොජර් ස්ටෝන් වතමන් ඉවත් කළ බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය. එහෙත් රොජර් ස්ටෝන් පවසන්නේ තමා ඉල්ලා අස් වූ බවය.
මෙම පුද්ගලයා 1970 දශකයේ ජනාධිපති රිචර්ඩ් නික්සන්ගේ ආධාරකරවෙකු සිට පසුව දේශපාලන උපදේශකයකු ලෙසටද කටයුතු කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More