ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව යුරෝපීය හවුල
එක්ක ගමනක් යන්න බරි බව දැනගත්තා. ඒ වෙනුවට මහින්ද විසින් විකල්ප තේරැවා. ලෝකයේ එවකට නැගී එන ආර්ථික බලවතා වූ චීනය එක්ක මහින්ද පුංචි ලංකාව එකතු කලා.
හැබැයි අපේ රටේ දේශපාලන කුහකයන් අතර ඉදිරියෙන්ම හිටපු ජනතා විමුක්ති පෙරමුණ එදා ඒක මහින්ද ලංකවෙ චීන කොළණියක් කරන්න යනවා කියන සුප්‍රකට කුහක සිතුවිල්ල සමාජ ගත කලා.
ලෝක බැංකුව ලග හතර ගාතෙන් වැටිලා ලෝක බැංකුව ගහන ගහන පදයට යුද්ධයක්ද කරපින්නාගෙන ගිය රට මහින්ද විසින් වෙනස් කලා.
අන්තිමට 2012 වෙනකොට ලංකාවට කොන්දේසි නැතුව අවශ්‍ය නම් ණය දෙන්න සුදනෙම් කියන තැනට වැටෙන්න ලෝක බැංකුවට සිද්ධ වුනා ඒ අපට චීනය විසින් දේශපාලන කොන්දේසි නොමැති ණය සැපයීම මත.
ඊලගට මහින්ද ආන්ඩුව පරාද වෙනකල්ම ඉන් වසර තුනක් ගත වෙන අද දක්වාම ද්ශපාලන කුහකයන් පතුරවපු තව බොරැවක් තිබ්බා…
එනම්…
මහින්ද ගොඩ එන්න බැරි ලෙස අධික පොළියකට ගත්ත චීන ණය උගුලක ලංකාව හිර කලා කියන එක.
ඒකත් බිද දමමින් රනිල් වික්‍රමසිංහට වියට් නාමයේ සිට චීන ණය අර්බුදයක් ලංකාවට නැතැයි උපාය මාර්ගිකව චීන මුදල් ලංකාවට ලැබීම ගැන ප්‍රකාශයක් කරන්න වුනා.
ලංකාවේ දේශපාලන කුහකත්වයට රට ඇතුලේ මොන බොරැව සමාජ ගත කලත් රට ගැන හිතලා ගත්ත ඇතැම් තීන්දු රටට එදා යහපත් දියුණුවක් ලබා ගත්ත බව අත් අරින්න බැරි සත්‍යය කොතනක හෝ මතු වෙනවා.
මහින්ද කලේ
මහින්දගේ කාලෙට ඉස්සර රටට පාන්පිටි ගේන්නත් විදෙස් ණය ගන්නවා වගේ එදා වේලට ණය ගැනීම නොවේ ලෝකයේ සියළුම රටවල් ආයොජනය උදෙසා ලබා ගන්නා පරිදි මුළු රටම වැඩ බිමක් කරපු දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියකට අවශ්‍ය චීන ණය සපයා ගැනීමයි.
කවදාවත් රටක් පාලනය නොකරපු සුරංගනා ආර්ථික කථා වලින් මයික් පලන ජවිපයට ඒක චීන ණය උගුලක් කොළණියක් උනා.
මහා ණය බරක් වෙච්ච එජාපය ඇතුළු කොටසට රටෙන් එලියේදී චීන ණය රටට බරක් වී නැති බව පිලිගන්න වුනා.
සත්‍යය තම පාවහන් පලදින තුරැ බොරැවට ලොවෙන් අඩක් ගමන් කල හැකිය කියන ප්‍රසිද්ධ චීන කියමන මතක් වෙනවා.
යහපාලනය සිරිසේන පිල එජාපය පාඨලී චම්පික ජවිපය වැනි කොටස් මහපොළවේ සමාජ ගත කල බොහෝ බොරැ මේ වනවිට
ඔවුන් ප්‍රසිද්ධියේ එකිනෙකා නිරැවත් වෙමින් කරමින් ජනතවෙ ඉදිරියේ සත්‍යය එලිවෙමින් පවතිනවා.
ඔහොම යං සහෘදයණි ඊලග ජාතික මැතිවරණ වලදී රටේ ජනතව ඔබලා එක පොකුරට තබා පරාද කරන බව සහතිකයි.
නුවන් මොණරවිළ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...