විදේශ පුවත්

චීනයේ වැඩිහිටි ජනගහනය වර්ධනය වීම බරපතල සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. වසර 2035 වන විට එරට වැඩිහිටි ජනගහනය මිලියන 400ක් වනු ඇතැයි ගණන් බලා තිබේ.
චීනයේ සමාජ ආරක්ෂණ සංගමය පවසන්නේ චීනය මේ වන විට අතිශය වයස්ගත සමාජයක් බවට පත්වෙමින් පවතින බවයි.
අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනව රටක ජනගහයෙන් වයස අවුරද 65 ඉක්වූවන්ගේ ප්‍රතිශතය 7%-14% දක්වා පවතින විට එය වැඩිහිටි සමාජයක් සේ සැලකේ.
වර්ෂ 2000දී චීනය එම තත්ත්වයට පත්විය.
මේ වන විට එරට ජනගහනයෙන් මිලියන 240ක් වයස අවුරුද 60 ඉක්වූවන් වේ. වසරකට මිලියන 10 බැගින් මෙම සංඛ්‍යාවට එක්වන අතර මෙම ප්‍රමාණය 14% ඉක්මවුවහොත් ප්‍රශ්නය උග්‍රවන බව සමාජ ආරක්ෂන සංගමය පෙන්වා දෙයි.
වැඩිහිටි ජනතාවට අවශ්‍ය පහසුකම් ඇතත් රට පුරා සමානව ඒවා බෙදී යන්නේ නැති. එසේම මේ වැඩිහිටි ජනතාවගේ ඇප උපස්ථාන කටයුතු නිසිපරිදි ඉටු කිරීමට නොහැකි වීම දැනට ඇති බරපතල ගැටලුවකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More