පන්දුව සමග රටත් එසවෙන දිනක්…
තර්ජනී සිවලිංගම් ආසියානු ශූරතාව දිනූ ශ‍්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ ක‍්‍රීඩිකාවකි. ඇය විශේෂ වන්නේ ඒ හේතුව නිසාම නොවේ. ලංකාවේ උසම දැල් පන්දු ක‍්‍රීඩිකාවද වන නිසාය. ඇය ඇගේ උසේ වාසිය පාවිච්චි කර ගත්තේ ඉහළින් ඇති දෙයක් තමන්ට නෙළා ගැනීමට නොවේ; ශ‍්‍රී ලංකාව ආසියාවේ ඉහළින්ම ඔසවා තබන්නටය. එහිදී කණ්ඩායම තුළ ඇගේ දමිළ ජාතිකත්වය කිසිවෙකුටත් ප‍්‍රශ්නයක් වූයේ නැත. ඇයටද ශ‍්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ‘සිංහල’ කණ්ඩායමක් වූයේ නැත. ඉදින් විය යුත්තේ එයය. රටක් ලෙස දිනීමට එම ආදර්ශය වුවමනාවත් වැඩිය. එනම් විවිධ ජාතිකත්වයන්ට බෙදෙනු වෙනුවට සියලූ දෙනාගේ හැකියාවන් එක මිටට එකතු කිරීමය. ප‍්‍රතිඵලය ලෙස එසවෙන්නේ රටය; රටේ මිනිසුන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...