ව්‍යාපාරික පුවත්

ලබන මස ඉදිරිපත් කෙරෙන 2018 අයවැය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන ගෙන දෙන අයවැයක් වනු ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
අතීතයේ සෑම විටකම ශ්‍රී ලංකා ආනයන ඒකාධිකාරය හිමිකර ගෙන සිටියේ මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ය. අප දැන් ඒ සඳහා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ද බලගැන්වීමේ වැඩපිළිවෙළක් අරඹා ඇත. එය ලබන සතියේ ඉදිරිපත් කෙරෙන මගේ අයවැයේ ප්‍රධාන තේමාවක් වනු ඇතැයි ද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ “ටෙක්නෝ ට්‍රේඩ්” සම්මන්ත්‍රණය අමතමිනි. ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය හා ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු හා ළෙඳ දෙපාර්තමේන්තුව එක්ව මේ සම්මන්ත්‍රණය සංවිධාන කළේය.
ආණ්ඩුවේ 2025 දැක්ම ට සමගාමීව මෙම වැඩපිළිවෙළ මගින් මෙරට අපනයනයයේ වර්ධනයක් ලබාගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බල ගන්වන්නේ ඔවුන්ට බදු සහන ලබාදීමෙන්ද නැතහොත් මූල්‍ය පහසුකම් සැලසීමෙන්ද යන්න අමාත්‍යවරයා සඳහන් නොකළේය.
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සියයට 93 (93%)ක්ම බද ගෙවීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටප නියේාජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා මේ මස මුලදී නිකුත් කළ වාර්තාවකින් පෙන්වාදී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More