ප‍්‍රධාන පුවත්

වර්තමානයේ බුදුදහමට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව අස්ගිරි – මල්වතු උභය විහාරීය මහා සංඝරත්නය අද විශේෂ සාකච්ඡාවක නිරත විය.

ඒ මල්වතු මහාවිහාරයේ මහානායක නිල ආරාමයේදීයී.

බුදුදහමට එල්ල වී ඇති බලපෑම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අස්ගිරි හා මල්වතු පාර්ශ්වයන්හි කාරක සංඝ සභික භික්ෂූන් වහන්සේ මෙන්ම විද්වත් භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ මහලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කළේ ත්‍රිපිටක ධර්මය විකුර්ති කිරීම, මිත්‍යා මත පතුරුවන අය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ඡා වූ බවයි.

මෙම හමුවටසහභාගි වූ භික්ෂූන් වහන්සේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් අදහස් පල කළේය.

එහිදී මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කළේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සංඝයාවහන්සේලා අතර සාකච්ඡාවට ගත යුතු බවට යෝජනා කළ බවයි.

මේ අතර අරණායක හෙම්මාතගම රන්දිලිගම ශ්‍රී ස්වර්ණගිරි විහාරස්ථානයේ පැවති පුණ්‍යොත්සවයකදී පූජ්‍ය පැල්පොල විපස්සී හිමියන් මෙලෙස අදහස් පල කළේය.

එහිදී අදහස් දැක්වූ පූජ්‍ය පැල්පොල විපස්සී හිමියන් සඳහන් කළේ මහා සංඝයා නැතිවුවහොත් සිංහල ජාතිය මේ පොළවේ නොමැති බවත් මහා සංඝරත්නය රජ කෙනෙක් සිරගත නොමැති බවයි.

වැඩ කරන හාමුදුරුවරු විනාශ කරන්න සැලැස්මක් තිබෙන බවත් වැඩකරන හාමුදුරුවරු අපවත් කරන සැලැස්මක්ද තිබෙන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More