එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරයට සමගාමීව බ්‍රිතාන්‍යය, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රො යන රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.
යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංග කිහිපයක් තවමත් සකස් වී නොමැති බව එමගින් පෙන්වා දී ඇති අතර ව්‍යවස්ථාමය වෙනසක් තුළින් බලය විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියක් නොමැති බව ඉන් අවධාරණය කර සිටියි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 සැසිවාරයට සමාන්තරව ජර්මනිය , බ්‍රිතාන්‍යය,මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රො යන රටවල් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙන අතර එය බ්‍රිතාන්‍ය රජයේ නිල වෙබ් අඩවියේ දක්වා තිබේ.
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීම අගය කරන නමුත් කඩිනමින් වන්දි ගෙවීමේ කාර්යාලයක් ද රජය විසින් පිහිටුවනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ සඳහන්ය.
30/1 සම අනුග්‍රහය දැක්වීමේ යෝජනාව මගින් ජාතික වගවීමේ යාන්ත්‍රණයක අවශ්‍යතාව සහ ජාතීන් අතර විශ්වාසය ගොඩනැගීම ශ්‍රී ලංකාව විසින් පිළිගෙන ඇති නමුත් මෙතෙක් ඒවා ස්ථාපිත වී නොමැති බවද එමගින් පෙන්වා දී තිබේ.
බලය විමධ්‍යගත කිරීමේ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ඉදිරියට යන ආකාරයක් නොපෙනෙන බව පවසන එම රටවල්,මාර්තු මස ප්‍රගති සමාලෝචනයට පෙර 30/1 හා 34/1 යන යෝජනා වඩා ප්‍රමුඛත්වයක් තුළින් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව අවධාරණය කරයි.
මේ අතර ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව විසින් ඕමානයේ මස්කට් නුවර ඊයේ පැවැත්වූ සම්මන්ත්‍රණයකදී ආචාර්ය නාලක ගොඩහේවා මහතා මේ නිවේදනය පිළිබඳ අදහස් දැක්විය.
එහිදී ඔහු සඳහන් කළේ එම නිවේදනයේ ශ්‍රී ලංකාවේ වත්මන් රජය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුගතව සිදුකරන වැඩපිළිවෙලට ප්‍රසන්සා කරන බවත් තවමත් වන්දි දීමේ කාර්යාලය පිහිටුවා නොමැති බව දක්වා ඇති බවයි.
එලෙස වන්දි ලබා දෙන්නේ ත්‍රස්තවාදීන්ට බවත් ලංකාවේ මියගිය සිවිල් වැසියන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් නොමැති බවයි.
මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සමගාමීව දෙමළ ඩයස්පෝරාව සංවිධාන කළ ඡායාරූප ප්‍රදර්ශණයක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට පසුගිය 13 වැනිදා පවත්වා ඇති අතර ඊට අදාල ඩීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාලා ඔස්සේ පැතිර යමින් පවතිනවා.
මෙරට ආරක්ෂක අංශ අපකීර්තියට පත්කෙරෙන සහ එල්.ටී.ටී.ඊය පිළිබඳ සානුකම්පිත හැඟීම් ඇති වන ආකාරයේ ඡායාරූප එහි ප්‍රදර්ශනය කර තිබෙනවා.
දෙමළ ඩයස්පෝරාව කිසියම් පාර්ශ්වයකට මුදල් ගෙවා මෙම ප්‍රදර්ශනය සංවිදාන කර ඇති බවයි ජිනීවා හී ශ්‍රී ලාංකිකයන් පවසන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...