විදේශ පුවත්

පසුගිය වසර දෙකක කාලය තුළ ඇමරිකානුවන් මිලියන 126ක් රුසියාවෙන් පළ කළ ෆේස්බුක් සටහන් වෙත ප්‍රවේශ වී ඇතැයි ෆේස්බුක් සමාගම පවසයි. 2015 ජුනි මාසයේ සිට 2017 අගෝස්තු මාසය දක්වා වන කාලය තුළ මෙවැනි සටහන් 80,000ක් රුසියාවේ සමාගමක් විසින් ෆේස්බුක් වෙබ් අඩවියට එක් කර ඇත.
මේ අතරින් බොහෝ ඒවා සමාජ සහ දේශපාලන පණිවුඩ රැගත් ඒවාය. මෙම පණිවිඩ සියල්ල ෆේස්බුක් වෙත එක් කර ඇත්තේ ක්‍රෙම්ලිනයට සම්බන්ධ රුසියානු සමාගමක් විසින් බව ෆේස්බුක් සමාගම පවසයි. ෆේස්බුක් සමාගම මෙම අනාවරණය සිදු කළේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි තුළ රුසියානු බලපෑම සම්බන්ධයෙන් සොයා බලන ඇමරිකාන සෙනෙට් කමිටුව රැස්වීමට නියමිතව ඇති මොහොතකය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට වාසි සහගත වන ලෙස රුසියාව ෆේස්බුක් හා අනෙකුත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කළ බවට චෝදනා එල්ල වී තිබේ. රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More