Uncategorized

රුසියාවේ පැවැති ලෝක තරණ හා ශිෂ්‍ය උළෙලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත පිරිස සම්බන්ධීකරණය කළ රවී ක්‍රිෂාන් ජයවර්ධන නමැත්තා රපියල් ලක්ෂ අසූවක පමණ වංචාවක් සිදු කර ඇතැයි වාර්තා වේ.
මෙරට පිළිගත් දේශපාලන පක්ෂවලින් 335 දෙනෙකු ඊට සහබාගි වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිය (100) දෙනෙකු ඊට සහභාගි වූහ.
මෙම සමුළුවට ගිය පිරිස අන්තර්ජාතික ගුවන් ගමන් සඳහා වන ගාස්තුව සහ සංචාරක රක්ෂණ සඳහා වූ ගාස්තුව ගෙවිය යුත වූ අතර නවාතැන් හා කෑම බීම පහසුකම් සපයනු ලැබුවේ රුසියානු ආණ්ඩුව මගිනි.
ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රය සඳහා ද වැඩි මුදලක් අය කළ රවී ක්‍රිශාන් ජයවර්ධන, රුසියාවට ගිය පසදා සිය කණ්ඩායමෙන් විටින් විට ඩොලර් 5-10 සිට 50 දක්වූ මුදලක් එකතු කර ඇත.
මෙම පද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් නියෝජිතයකුගෙන් ගුවන් ප්‍රවේශපත්‍රය සඳහා රපියල් 180,000ක මුදලක් එකතු කර තිබූ අතර මහජන එක්සත් පෙරමුණේ නියෝජිතයකුට ඒ සඳහා වැය වී ඇත්තේ රුපියල් 150,000කි. ජාතික නිදහස් පෙරමුණු නියෝජිතයන්ගේ ප්‍රවේශ පත්‍ර ගාස්තු ලෙස එකතු කර ඇත්තේ රුපියල් 112,000කි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායකගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන රවී ක්‍රිෂාන් ජයවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යොවුන් පෙරමුණේද තනතුරක් දරන්නෙකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More