ව්‍යාපාරික පුවත්

මේ වසරේ පළමු මාස 08 තුළදී වාහන 338,295ක් ලියාපදිංචි කර තිබේ.

අගෝස්තු මාසය තුළදී වාහන 43,684ක් ලියාපදිංචි කර තිබෙන අතර, ජූලි මාසයේදී ලියාපදිංචි කර තිබෙන්නේ වාහන 42,744ක් පමණි.

ජුනි මාසයේදී වාහන 39,589ක්, මැයි මාසයේදී වාහන 46,727ක්, අප්‍රේල් මාසයේදී වාහන 46,727ක්, අප්‍රේල් මාසයේදී වාහන 41,079ක්, මාර්තු මාසයේදී 42,573ක්, පෙබරවාරි මාසයේදී වාහන 38,553ක් සහ ජනවාරි මාසයේදී වාහන 43,346ක් වශයෙන් ලියාපදිංචි කර තිබේ.

මේ අනුව 2017 වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට ලියාපදිංචි වී තිබූ 7,247,122ක ප්‍රමාණය මේ වනවිට 7,585,417 දක්වා ඉහළ ගොස් ඇත.

2010 වසර වනවිට ලංකාවේ ලියපදිංචි වාහන 3,954,311ක්වූ අතර, වසර හතයි මාස 08ක කාලය තුළදී වාහන 3,631,106ක් රට තුළ ලියාපදිංචි කර තිබේ.

පොදුවේ ගෙවීගිය වසර 07යි මාස 08 තුළ වාහන බදු ඉහළ ගියද, සෑම වසරකදීම වාහන ලියාපදිංචිය ඉහළ ගොස් තිබෙන අතර, මීට අමතරව මේ වසර තුළදී වාහන බදු විශාල ලෙස ඉහළ ගොස් තිබුණද, ක්‍රම ක්‍රමයෙන් වාහන ලියාපදිංචිය ඉහළ ගොස් තිබේ.

මේ වසරේ ගෙවීගිය මාස 08 තුළ වාහන ලියාපදිංචිය සැලකූ විට වැඩියෙන්ම ලියාපදිංචි කර තිබෙන්නේ යතුරුපැදි වන අතර, එම ප්‍රමාණය 238,885කි. අඩුවෙන්ම ලියාපදිංචි කර ඇත්තේ අවමංගල්‍ය රථ වන අතර, මේ වසර තුළ ලියාපදිංචි කර තිබෙඇත්තේ එක් අවමංගල්‍ය රථයක් පමණි.

මෙම කාලය තුළ මෝටර් හෝම් රථ 02ක් සහ ගිලන්රථ 103ක් ලියාපදිංචි කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More