සිංහල පත්තර වලට විදේශ ප්‍රවෘති ලියන උදවියට ඉංග්‍රීසි බැරි ප්‍රශ්නයක් නැති බව අපි දනිමු. නමුත් ඔවුන්ගෙන් සමහරෙකු හිතන්නේ තම පාඨ්කයන්ට ඉංග්‍රීසි බෑ කියාය. ප්‍රවෘතිය තම පාථකයාට ගැලපෙන පරිදි විකෘති කරන්නේ ඒ නිසාය.
උදාහරණයක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී විවිධ ප්‍රවෘතී සාකච්චාවලදී කල ප්‍රකාශ ලංකාවේ ප්‍රවෘතී වාර්ථාකරනයේදි සමහර මාධ්‍ය විකෘති කල ආකාරය සැලකිය හැක.
උදාහරණයක් ලෙස ‘ද හින්දූ’ පුවත්පත ” ඔබ මත්තල ඉන්දියාවට විකුණන වාට විරුද්ද ඇයි ” කියා ඇසූ ප්‍රශ්නයට මහින්ද රාජපක්ෂ දුන් බුද්ධිමත් පිලිතුර සලකා බලමු.
ඔහු කීවේ ” මම ඉන්දියාවට විරුද්ද නැහැ නමුත් මම පුද්ගලීකරණයට විරුද්දයි. සිරිසේනගේ ආන්ඩුව වගේ මම රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කරන්නේ නැහැ. මීට ඉස්සර එහෙම දීල තිබුන ආයතනත් මම ආපහු ඇරන් තියෙනවා කියායි” .
මොලයක් ඇති අයෙකුට නම් මේ පිලිතුර තුල පනිවිඩ 3 ක් සැගව ඇත
1. රාජපක්ෂලා ඉන්දියාවට විරුද්ද යැය අජිත් ඩුවාල් වැනි ඉන්දීය අගමැති මෝඩිගේ ආරක්ෂක උපදේශකයින් විසින් 2014 කාලයේ ගොඩනැගූමතය වැරදි බව
2. තමන් මත්තල ගුවන් තොටුපොල පෞද්ගලීකරණය ට විරුද්ද බව
3. අනාගත රාජපක්ෂ රජයකින් මත්තල ආපසු පවරා ගන්නට ඉඩ තිබෙන නිසා ඉන්දියාව මේ ගනු දෙනුව ගැන දෙවරක් සිතිය යුතු බවය.
මෙය කදිම උත්තරයක් නොවේද ? කිවයුතු දේ කෙලින්ම කියා තිබෙන්නේ ඉන්දියාවද අමනාප කර නොගෙන නියම රාජ්‍යතාන්ත්‍රික ආකාරයටය.
නමුත් ලංකාවේ සමහර මාධ්‍ය මෙය වාර්තා කලේ ‘ මත්තල ඉන්දියාවට දෙනවාට මහින්ද විරුද්ද නැහැ කියාය ‘ සමහර ගොබ්බ දේශපාලුවන්ද එය ලහි ලහියේ තම මුහුනු පොත්වල පල කර තිබුනි
මේ ඉංග්‍රීසි බැරිකමද , ගොන් කමද නැත්නම් කපටි කම ද කියා ඔබම තීරණය කරන්න.
the Hindu යොමුව මෙතනින්
උපුටා ගැනීම මුහුණුපොතින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...