දේශීය පුවත්

අනාගතයෙහි රටට ගැටලු ඇතිකළ හැකි නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් වැළැකී පවතින ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන පමණක් සිදුකිරීමට අවධානය යොමු කරන්නැයි ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන රජය වෙත මහජන හිතාග්‍රකම්පාවෙන් දන්වා සිටියි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවේ ඇතුළත් යෝජනා හා විකල්ප විධි විධාන පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය නිකුත් කළ ප්‍රකාශයක මේ බව සඳහන් වේ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නායක ස්ථවිරයන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ‍ෙදාඩම්පහළ චන්දසිරි මහ නායක ස්වාමීන්වහන්සේ සහ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ වැඩ බලන මහා ලේඛකාධිකාරි ආචාර්ය පල්ලේකන්දේ රතනසාර අග්‍රනායක ස්ථවිරයන් වහන්සේගේ අස්සනින් නිකුත් කර ඇති එම ප්‍රකාශයන් “මහජනතාවගේ සාමකාමී පරිසරය විනාශ කිරීමට ඉවහල් වන නව ව්‍යවස්ථා යෝජනාවලින් වැළැකී අප රටේ දැවෙන ජාතික හා ආර්ථික ප්‍රශ්න විස¼දාගෙන සංවර්ධිත සුඛිත මුදිත දේශයක් නිර්මාණය කරගැනීමට දේශපාලන වාදභේද ඉවත ලා ජාතික සමඟිය වෙනුවෙන් එක්සත් වන ලෙස සියලු දේශපාලන පක්ෂ හා මහජනතාවට දන්වා සිටියි.
එම ප්‍රකාශයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

“සියලු ජාතික සියලු ආගමික රට වැසියන්ට රටේ හැම තැනකම සුහදව සාමකාමීව ජීවත් වීමේ පරිසරයක් තහවුරු කිරීම අපගේ අරමුණයි. ඊට විරුද්ධව නැඟෙන සියලු බලවේග යටපත් කිරීම සඳහා මහා සංඝරත්නය මෙන්ම අනෙකුත් ආගමික නායකයන් හා රටවැසි මහජනතාවද සියලු වාදභේද අතහැරලා මේ කාර්යයෙහිලා සමඟියෙන් එක්සත් විය යුතුය.
ඇතැම් දේශපාලකයන්ගේ අන්තවාදී අදහස්වලට අනුව වෙනම රාජ්‍යයකට තුඩු දිය හැකි පරිපාලන බලයක් ඔවුන්ට අවශ්‍ය බව පෙනී යයි. මෙය පසු කලෙක මුළු රටටම බලපාන තර්ජනයක් විය හැකි බව මෑත අතීතයෙහි සිදුකර ඇති ප්‍රකාශ මඟින් නිගමනය කළ හැකිය.

එහෙයින් වර්තමානයේ පවත්නා වාතාවරණය යටතේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර දැනට තිබෙන සාමය හා සංහිඳියාව නැති කිරීමටත් එමඟින් රාජ්‍ය අස්ථාවර වීමටත් හේතු වෙනවා පමණක් නොව අප රට පරාධීන කරමින් විදේශීය බලවේගවලට මීටත් වඩා අනිසි ලෙස මැදිහත් වීමට ‍ෙදාර ඇර දීමකි.
මධ්‍යම රජයක පාලනයක් තිබෙන වත්මන්හි මෙබඳු ශෝචනීය දෑ සිදුවෙද්දී පුළුල් බලතල සහිත ෆෙඩරල් පාලනයක් ඇති කළහොත් අනාගතයේදී මුළු මහත් රටටම සිදුවිය හැකි හානිකර ඉරණම අප විසින් ගැඹුරින් කල්පනා කළ යුතුය.

රට පුරාම එක ලෙස නිසි ආර්ථික කළමනාකරණයක් සහිත මානව හිතවාදී සංවර්ධනයක් ඇති කිරීමෙන් මිස විදේශීය බලවේගවල අවශ්‍යතා මත රට බෙදීමකට තුඩු දිය හැකි බලය බෙදීමකින් නොවන බව අපි අවධාරණය කරන්නෙමු. සෑම පුරවැසියකුටම සිංහල, දෙමළ, භාෂාවලින් කටයුතු කිරීමට අවශ්‍ය භාෂා
දැනුම ලබාදීම දිගුකල් සංහිඳියාවට හේතුවන කරුණකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More