කළණගෙ අවුල ඉවර උනාට පස්සෙ (හුගක් අය ඉවරයි කියල හිතන් ඉන්නව නමුත් ඒක තාම ඉවර නෑ) පස්සෙ බුකියෙ හිට් වුන අලුම එක්කෙනා තමයි මේ.
මහරගම වල් අලියා කියල කියන මෙයා මහනුවර නාථ දේවාලයේ ලගින් කකුලත් ඉදිමිලා කොට ටිකක් උස්සන් යන මේ ෆොටෝ එකට සෑහෙන ප්‍රතිචාරයක් ලැබිල තිබුන.
සමහරු කියල තිබ්බ නාථ දේවාලයේ අලියා කකුලත් ඉදිමිලා තියෙද්දි කොට අද්දවනවා කියල බැලූ බැල්මට වැඩේ හරි කකුල ඉදිමිලා නාථ දේවාලෙ ලග කොට ටිකකුත් එල්ලන් යනවා
මෙයා පහුගිය පෙරහර දවස් වල නාථ දේවාලයේ පෙරහරට ගෙනාව අලියෙක්. කටෙන් අරන් යන්නෙ කිතුල් කොට ටිකක් තමන්ගෙ කෑමට. කකුලෙ ආබාධිත තත්වයක් තියනව එකට කරපු බේත් තමයි ඔය රතු පාටට තියෙන්නෙ.
සාමන්‍යයෙන් අලියෙක්ට කන්න දෙන කොල අතු මිටිය කිතුල් කොට ටික ලොරියෙන් බෑවට පස්සෙ අලියා ලවාම තමා උගෙ නිදි පොලට අරන් යන්නෙ. ඔය කිතුල් කොට ටික අඩි දෙක තුනක් අරන් ගියාට අලියා මැරෙණ් නෑ.
හිතන්න එපා අපි මේ කාටවත් සුදු හුණු ගානව කියල මෙතන වැරැද්දක් තියනව ඒක තමයි කකුලෙ ආබාධයක් තියෙද්දි ඌව පෙරහරට නුවර අරන් ආපු එක. ලැබුනු තොරතුරු අනුව පෙරහර අලිට කරන වෛද්‍ය සායනයන් පස්සෙ මේ අලියව පෙරහර දෙකකට අරන් පස්සෙ අයින් කරල තියනවා. නමුත් ඒ පෙරහර දෙකට වත් මේ අලිය නොගෙන ඉන්න පෙරහර සංවිධායකයින්ට වගකීමක් තිබ්බ.
හීලෑ අලි ශෙස්ත්‍රයේ ගැටලු වැරදි තියනව නමුත් එවා යට ගිහිල්ල සදාකාලික ගැටලු බවට පත්වෙලා තියෙන්නෙ නොදැනුවත්කම හින්දා ඇත්ත ප්‍රශ්නය පැත්තක තියෙද්දී වෙන දේවල් පස්සෙ සමාජයෙ අවධානය යොමු වෙන නිසා.
අලි පෙරහරට ඕනෙ නමුත් ඒක් සතාට වදයක් නොවන විදියට කරන්න සංවිධායකයො වගෙම අලි භාර්කරුවන් වග බලාගන්න ඕනෙ.
දැන් ඉතින් හරක් කුකුල්ලු ගැන කියවන් නන් එන්න එපා වැරැද්ද වැරැද්ද විදියට දකින් නැතුව
Voice For Elephants Sri Lanka

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...