ප‍්‍රධාන පුවත්

දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතක් ගෙන ඒමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

මීට අදාළ නව පනත් කෙටුම්පත විදේශ ඇමැති තිලක් මාරපන මහතා විසින් ඊයේ (11) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. පසුව එය සංශෝධන කිහිපයකට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිවී තිබේ.

නව පනත් කෙටුම්පතේ අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් ඇතුළත් නොවීම සම්බන්ධයෙන් ඇමැතිවරු දෙදෙනෙකු විරෝධය පළ කර ඇත.

එහිදී තිලක් මාරපන හා මංගල සමරවීර යන ඇමැතිවරුන් ද අදහස් දක්වා ඇති අතර මංගල සමරවීර, තිලක් මාරපන යන ඇමැතිවරුන් සහ විජයදාස රාජපක්ෂ, චම්පික රණවක යන ඇමැතිවරුන් අතර ගැටුමක් ඇතිවූ බව ද වාර්තා විය.

මිනීමැරුමක් සම්බන්ධයෙන් මරණ දඬුවම දීම දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් බව ද, අලුතින් හඳුන්වාදෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ එය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස සඳහන් වී ඇතැයි නව කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී පෙන්වාදී ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසී ය.

බෙදුම්වාදය යන්න දඬුවමක් ලෙස ඇතුළත්ව නැති බව සදහන් කර ඇති විජයදාස රාජපක්ෂ මහතා එය බරපතල දඬුවමක් යැයි පෙන්වාදී ඇත.

මේ අතර ත්‍රස්තවාදයට සම්බන්ධ අයකු කරන පාපොච්චාරණයක් සාක්කියක් ලෙස ගෙන නඩු කටයුතු පැවරිය නොහැකි බව නව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ සඳහන් බවද, එංගලන්තයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේද පාපොච්චාරණයක් සාක්කියක් ලෙස ගෙන නඩු කටයුතු කළ හැකි බව සඳහන් වන්නේයැයි විජයදාස ඇමැතිවරයා පෙන්වාදී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More