ක්‍රීඩා පුවත්

ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ගත් චතුරංගි ජයසූරිය ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම අද (11) අලූයම මව්බිමට පැමිණියා. ලැබූ මෙම ජයග‍්‍රහණය පිළිබඳ නෙට්බෝල් කණ්ඩායමේ නායිකා චතුරංගි ජයසූරිය නෙත් ස්පෝර්ට්ස්මන් වෙත එහිදී අදහස් පළ කළා.

එහිදී “අපි හැම වෙලාවෙම කණ්ඩායමට අවංක වුණා. පුහුණුකාරිනීය කියපු විහිදට තමයි කටයුතු කළේ. මූලිකම දේ අපේ පුහුණුකාරිණිය අපි සම්පූර්ණයෙන්ම විශ්වාස කළා. ඒ නිසා අපිට ජයග්‍රහණය පිළිබඳ අරමුණක් තිබුණා.” යැයි සඳහන් කළා.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ගෝල විදින්නියක වූ තර්ජනී සිවලිංගම් මෙවර තරගාවලියේදී වැඩි දෙනෙකුගේ අවධානය දිනාගත් ක‍්‍රීඩිකාවක්. ඇයද නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස පළ කළා.

“මම වසර 03කට පස්සේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ආයෙත් සම්බන්ධ වුණේ. හැබැයි මම පුහුණුවීම් අත්නොහැරපු නිසා මගේ කණ්ඩායම..මගේ පුහුණුකාරිණිය මා ගැන තියපු බලාපොරොත්තු ඉටු කරන්න හැකි වුණා.”

වසර කිහිපයකට පසු ආසියානු ශූරියන් වෙමින් ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ලැබූ මෙම ජයග‍්‍රහණය සම්බන්ධයෙන් එහි පුහුණුකාරිණිය වන තිලකා ජිනදාසද අදහස් දැක්වූයේ ඉතා සතුටින්.

“2009 වසරේ මම ආසියානු තරගාවලිය ජයග්‍රහණය කරලා ලෝක තරගාවලියට අපි සුදුසුකම් සපුරණවා. ඊට පස්සේ මට නැවත පුහුණු කරන්න හම්බවෙන්නේ නෑ…අවුරුදු 09ක් වෙනකම්. මම හිතනවා ඒක නැවත සිදු වෙන එකක් නැතුව ඊළඟ ලෝක තරගාවලියෙත් මට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණිය විදිහට හරියට කටයුතු කරගෙන යන්න ඉඩ ලැබේවා කියලා.”

ක‍්‍රීඩිකාවන් පිළිබඳ දැනට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔවුන්ගේ පහසුකම් වැඩි කළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මේ අතර අද අලූයම මව්බිමට පැමිණි ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම පිළිගැනීම සඳහා ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපාද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ආසියානු ශූරීයන් දිවයිනට පැමිණෙයි (VIDEO)

ආසියානු ශූරීයන් දිවයිනට පැමිණෙයි (VIDEO)වසර 09කට පෙර සිදුවූ අවාසනාව යළි සිදු නොවේවායි ආසියානු ශූරියන් සමග මව්බිමට පා තැබූ පුහුණුකාරිණිය පතයි වැඩි විස්තර මෙතැනින් – http://nethnews.lk/article/58164

Gepostet von Neth News am Montag, 10. September 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More