දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමට යැයි පවසා පක්ෂය විනාශ කළ පුද්ගලයින් යළි එක් කර ගැනීමට තමන විරුද්ධ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ ඇහැලියගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනි.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ඩබ්ලිව්.ඩි.ජේ.සෙනවිරත්න මහතාද එක්ව සිටියහ.

පක්ෂයේ සමඟිය සම්බන්ධව ආරාධිතයන් දෙදෙනා අදහස් දැක්වීමේදී දක්නට ලැබුණේ පරස්පර මතයන්ය.

අමාත්‍ය ඩබ්ලිව්.ඩි.ජේ.සෙනවිරත්න මහතා උත්සව සභාව අමතමින් කියා සිටියේ නිදහස් පක්ෂයෙන් වෙන්ව සිටින පිරිස් පක්ෂය සමඟ එක්ව කටයුතු කළ යුතු බවයි.

ජන හමුව ඇමතීමෙන් අනතුරුව අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගිය අතර අනතුරුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය උත්සවය අමතමින් කියා සිටියේ ඩබ්ලිව්.ඩි.ජේ.සෙනවිරත්න අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බවයි.

කවුරුන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීමට පක්ෂයට විරුද්ධව කටයුතු කළ අය නැවත පක්ෂයට ගත යුතු යැයි පවසන්නේ නම් එය ද්‍රෝහිකමක් බවයි.

ඔවුන් සාකච්ජාවට එන්නේ නම් ඒවාට සහභාගී නොවන බවද ඇය ප්‍රකාශ කළාය.

එහිදී ඒ මහත්මිය මෙසේද වැඩිදුරටත් අදහස් දැක්වීය.

“කවුරු හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේර ගැනීම සඳහා මේ පක්ෂය කාලා,රටත් විනාශ කරලා,හොරකම් කරන මිනී මරණ නායකයින් පස්සේ ගිය මිනිස්සු මේකට ආපහු ගන්න ඕනේ කියනවා නම් ඒ ගොල්ලෝ පක්ෂෙට ද්‍රෝහිකමක් කරන්නේ.දැන් සාකච්ජාවලට එනවලු මම නම් ඕවට යන්නේ නෑ.ආවනම් මන් ගහනවා කණ පැලෙන්න.අපිට විරුද්ධව තියෙන නඩු ටික ඔක්කොම ඉල්ලා අස්කර ගන්න,පොලීසියේ අපිට විරුද්ධව කටයුතු කරපු අය අස්කරන්න.එතකොට අපි පක්ෂෙට එන්නම්.මේක කරන්න බෑ මිත්‍රවරුනි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More