ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වරාය වගේ ම දකුණු ආසියාවේ විශාලතම වරාය වන කොළඹ වරාය ලෝකයේ කාර්යබහුල ම වරායයන් අතර 25 වන ස්ථානයේ තිබෙනවා.. ඒ වගේ ම ලොව කාර්යබහුල ම වරායයන් 25 හිමි රටවල් අතරින් අඩුම දළ ජාතික නිෂ්පාදනයක් ඇති රටට අයත් වරාය වන්නේ ද කොළඹ වරාය යි.. ඉන්දියානු සාගරයේ මැදට වන්නට පිහිටා තිබීම නිසා කොළඹ වරාය ලෝකයේ ම ප්‍රධානතම වරායක් මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික හා ආරක්ෂක මර්මස්ථානයක් ද වෙනවා.. ලොව 13 වැනියට විශාලතම ප්‍රතිනැව්ගත කිරීමේ වරාය වන්නේ ද කොළඹ වරායයි..
මේ පහළ රූපයේ මාර්ක් කරලා තියෙන්නෙ එහෙව් කොළඹ වරායෙ නැගෙනහිර බහළුම් පර්යන්තයයි.. මෙය මුළුමනින්ම අයත් වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට සහ රජයට.. මේ පර්යන්තය මෙහෙයුම් සඳහා 2016 වසරේ සිට අවසර ලැබෙනවා දකුණු කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතියේ එකඟතා අනුකූලව.. (ඒ මේ සමස්ථ ව්‍යාපෘතිය ණයක් නොව චීනය සහ ශ්‍රී ලංකාව එක්ව කල ව්‍යාපෘතියක් නිසා..)
එම 2016 ඉලක්කය ඇතිව පසුගිය රජය මීටර් 440ක දිගින් සහ මීටර් 18ක ගැඹුරින් යුත් පළමු අධියර ඉදිකිරීම් 90%ක් අවසන් කර තිබූ අතර ඒ සදහා අවශ්‍ය දොඹකරද (Quay-side container gantry cranes & Terminal gantry cranes) ඇනවුම් කර තිබුනා..
2015 ජනවාරි ආණ්ඩු පෙරලිය සිදු නොවන්නට 2018 වසර වන විට මෙම කොළඹ නැගෙනහිර ජාත්‍යන්තර බහාළුම් පර්යන්තය (Colombo East International Container Terminal – CEICT) එහි සම්පූරණ වැඩ නිම කර (මීටර්1200ක් (1.2 KM) දිගින් සහ මීටර් 18ක් ගැඹුර සහිතව) දැන් ලෝකයේ විශාලතම බහාළුම් නෞකා 3ක් එකවර මෙහෙයවිය හැකි ලෙස කොළඹ නගරයටම ආලෝකයක් වෙමින් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට කාළීනව අත්‍යාවශ්‍ය නව ජවයක් වෙමින් විරාජමාන වීමට නියමිතව තිබුනා..
කොළඹ වරාය ලෝකයේ කාර්යබහුල ම වරායයන් 15 අතරට යා හැකි තරමට තවත් බහළුම් මිලියන 2.4ක ධාරිතාවක් කොළඹ වරායට එක් කරමිනුයි නැගෙනහිර පර්යන්තය කරලියට එන්න තිබුනෙ..
නමුත් 2015 ජනවාරි 8 ‘මෛත්‍රී වේවා ආගමනය’ සමඟ රටට සේම නැගෙනහිර පර්යන්තයටද කණ කොකා හැඩූ අතර කර ගෙන යමින් තිබූ වැඩ ඒ තැන්වලම අවසන් විය.. දොඹකර වලට දී තිබූ ඇනවුම් එකවර කැන්සල් විය.. හදපු කොටසක් කාට හෝ විකුණා කීයක් හරි හොයා ගන්න බලනවායින් එහා නැගෙනහිර පර්යන්තය ගැන කථා නොකල තරම්ය..
කණගාටුවට කරුණ නම් කොළඹ වරායේ සීමිත ඉඩකඩ නිසා පාවෙන දූපත්වන් අතිවිශාල නෞකා පෝලිමක් ලංකාව පෙනි පෙනී එය මග හැර යන තත්වයක් යටතේ තමයි මේ ‘කරුමක්කාරයන්ගේ ආණ්ඩුව’ අර හදපු තුනෙන් එකෙන්වත් වැඩක් නොගෙන මේ දේශද්‍රෝහී අමන වැඩේ කරන්නෙ.. මේවා බොරුයි කියලා හිතෙනවා නම් අදාල ක්ශ්‍රේත්‍රයේ විශ්වාසවන්තයෙකුගෙන් අසා දැන ගන්න.. නැත්නම් අඩුගානෙ ගූගල් සර්ච් පාරක් දාලා බලන්න..
නමුත් කාළකණ්නිකමට අවාසනාවකට මේ රටේ සිවිල් සමාජයේ බොහෝ දෙනාටද මේවා තිබුනත් එකයි නැතත් එකයි ගානය.. මේ සියළු විනාශයන්ට වගකිව යුතු ආණ්ඩුවට විරුද්ධව පාරට එන මිනිහා පවා මේ අමන ආණ්ඩුවට විරුද්ධ වෙන්න එන හැටි, කන බොන හැටි, මුත්‍රා කරන හැටි අධ්‍යයනය කොට විග්‍රහ කිරීමට ඒ සුපර් මොළ පාවිච්චි වෙන නිසා මෙවැනි සුළු සුළු දේවල් හිතන්නට ඒ මොළකාරයන්ට වෙලාව නැත..
ඇස් ඉදිරියේ රට කන මෙවැනි පාහර ආණ්ඩුවලට විරුද්ධ එකා වහලෙක්ද.. ඒ පාහර ආණ්ඩුවල කුලියට රෙදි හෝදන්න බැරිනම් නොමිලේ රෙද්ද බේරන්න දත කන එකා මොළකාරයෙක්ද වෙන මෙහෙම රටකට කොටි ගහලා මදි පිංවතුනි..
Wishwa Chinthana
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...