දේශීය පුවත්

නාගරික සංවර්ධන අධිකාරියට වසර හතලිහක් පිරීම නිමිත්තෙන් රුපියල් කෝටි හතරකට ආසන්න වියදමක් දරා සංවත්සර උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රට තුළ බරපතල ආර්ථික අර්බුදයක් තිබියදී රුපියල් කෝටි ගණන් වැයකර මෙවැනි සැමරුම් උත්සවයක් පැවැත්වීම අපරාධයක් යැයි නාගරික සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.

බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ ලබන 27 වැනි දා පැවැත්වෙන ප්‍රධාන සංවත්සර උළෙලට පමණක් රුපියල් 19,400,500ක මුදලක් වෙන් කිරීමට අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ හතලිස් වසර සැමරීමට සාදන උපන්දින කේක් ගෙඩිය රුපියල් 50,000කි. පිරිත් දේශනය, හීල් දානය හා අන්‍යාගාමික වැඩසටහන සඳහා ද රුපියල් 2,550,000ක මුදලක් ද කොළඹ කිංස්බරි හෝටලයේ උත්සවයට තවත් රුපියල් 3,860,000ක මුදලක් ද සමඟ රුපියල් 25960,500ක මුදලක් සඳහා මෙලෙස අනුමැතිය දී ඇත.

මීට අමතරව තවත් අමතර වියදම් ප්‍රමාණයක් සඳහා ද අනුමැතිය ලබාදී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More