මුහුණු පොතෙන්

20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඊනියා සංවාදශීලී සම්මන්ත්‍රණයක් ඊයේ (2018 සැප්තැම්බර් 09 ඉරිදා) කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්තේ පැවත්වී ඇත. එහිදී දෙමළ ජාතික සන්ධානයේ MA සුමන්තිරන්, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී සමසමාජ පක්ෂයේ ජයම්පති වික්‍රමරත්න අදහස් දක්වා ඇත. තිදෙනාම 20ට පක්ෂව කතා කර ඇති බවක්ද දැනගන්නට ඇත. මෙහිදී වැදගත්ම දේ කටින් පැන ඇත්තේ ජයම්පති විශාරදයන්ගේ මුව කමලෙනි. “අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම අගනේ වුව ද ඒ අපහසුනම් 20 උනත් නරකම නැතැයි” වික්‍රමරත්න තෙමේ ප්‍රකාශ කර ඇත.

රටේ සම්මන්ත්‍රණ පවත්වන්නට ඕනෑ තරම් තැන් තිබියදී සිංහලයෝ සහ බෞද්ධයෝ 95% පමණ වෙසෙන [මා ද උපන්] පස්දුන් කෝරළයට මේ තිදෙනා පැමිණියේ කවර අරමුණකින්දැයි පැහැදිලි නැත. ඒ කෙසේ වෙතත් දැන් එකක් සක්සුදක් සේ පැහැදිලිය. 20 යනු විධායක ජනාධිපතිගේ බලතල පාර්ලිමේන්තුවට දෙන, අහිංසක පාරිශුද්ධ සත්පුරුෂ යෝජනාවක් නොවේ. 2014 දී බටහිරට, ඉන්දියාවට, ජාතිවාදීන්ට, සිංහලවිරෝධීන්ට ලබා දුන් පොරොන්දු ඉෂ්ඨ කිරීමේ උවමනාවෙන් ගෙන ආ දේශද්‍රෝහී, ජාති ද්‍රෝහී, අශිෂ්ඨ, කුපාඩි, කපටි නූල් සුත්තරයකි; නව ව්‍යවස්වථාක් ගෙන ඒමට නොහැකි නිසා, ඒ නව ව්‍යවස්ථාවෙන් දීමට බලාපොරොත්තු වූ සියලු දොළපිදේනි සුක්ෂමව ලබා දීමේ අරමුණෙන් ගෙන ආ සැලසුම්ගහගත ලැජ්ජා නැති ලියවිල්ලකි.

එදා මව්බිම නැතිනම් මරණය නමින් දහස් ගණනක් සිංහල තරුණ ජීවිත බිලිදුන් ජවිපෙ අද මේ සැරසෙන්නේ මහා නිහීන කටයුත්තකට ය. 20 මල්ලේ ඇත්තේ කුමක්දැයි ජාති හිතෛශීහු වසරක පමණ සිට පෙන්වා දුන්හ. එහෙත් උගත්, ප්‍රබුද්ධ, බුද්ධිවාදී බොහෝ දෙනා කෝ තාම එහෙම එකක් නැතැයි කීහ; මල්ල ඇතුල දැක්කද දැක්කද විමැසීය; තර්කයෙන් අගතැන් පත්, විචක්ෂණශීලී බවෙන් මුහුකුරා ගිය ශ්‍රී ලංකාවේ විශාලම රාජ්‍ය නොවන සංවිධානයේ සාමාජිකයෝ මල්ලේ මාක්ස්ගේ පිළිමයක් ඇතැයි සේ සලකා 20 පුජාසනයක නැංවූහ.

ඕන් ජවිපෙ පූස් පැටියා අගලවත්තේදී එළියට පැනල; විගහට බලා ගන්න. මතුගම නලින්ද ජයතිස්ස (ජවිපෙ පරිමේන්තු මන්ත්‍රී ) කියනවා පූස් පැටිය හරී ප්‍රියමනාපයි, අහිංසකයිලු .

චන්න ජයසුමන මුහුණු පොතෙන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More