හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකු ඇප මත මුදාහැරිමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.
ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදී රජයේ මුදල් අවභාවත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද(10) පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට දැනුම්දී තිබුණි.
ඒ අනුව ඉදිරිපත් වූ විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප දෙක බැගින් මත මුදාහැරිමට විනිසුරු මඩුල්ල නියෝග ඇත.
විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
ගෝඨා ඇතුළු 7කට අද අධිචෝදනා බාරදේ
තංගල්ල වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා 2014 වසරේදී රජයේ මුදල් රුපියල් ලක්ෂ 330ක් යොදවා ගැනීම ඇතුළු අධිචෝදනා හතක් යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනාට අද (10) බස්නාහිර පළාත්බද ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී අධිචෝදනා පත්‍ර භාරදීමට නියමිතය.
සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න හා චම්පා ජානකී රාජරත්න යන ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (10) පෙනී සිටින ලෙස දන්වා පසුගිය 27 වැනිදා සිතාසි නිකුත් කොට තිබූ අතර ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් එම විශේෂ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
එම නඩුව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරනු ලැබූ දෙවන නඩුව වන අතර එහි විත්තිකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලදාස පී.කේ. ආටිගල, නීතිඥ සමන් ගලප්පත්ති, මහින්ද සාලිය හා එම්.ඒ. මල්ලිකා සහ හිටපු සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් නම්කොට තිබුණි.
රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමෙන් පොදු දේපළ පනත යටතේ ගැනෙන දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකර ඇතැයි නීතිපතිවරයා පසුගිය 24 වැනිදා ගොනු කළ එම නඩුවෙන් විත්තිකරුවන්ට අධිචෝදනා නගා තිබුණි. එම විත්තිකරුවන් හත්දෙනා සැකකරුවන් ලෙස නම්කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය ජූලි 20 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවැරීමට පියවර ගෙන තිබූ අතර එම නඩුව සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනාද සිල්වා මහත්මිය සැප්තැම්බර් 7 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද දන්වා ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනාට සිතාසි නිකුත් කොට තිබුණි.
කෙසේ නමුත් එකී සිතාසි නියෝග ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් පසුගිය 23 වැනිදා පස්වරුවේ නියෝග කොට තිබුණි. මේ අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ එම නඩුව මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් නීතිපති උපදෙස් පරිදි ඉල්ලා අස්කර ගැනීම නිසා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඒ සම්බන්ධයෙන් තිබූ නඩු කටයුත්ත අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගිය 7 වැනිදා නියෝග කොට තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...