ප‍්‍රධාන පුවත්

හිටපු ඇමැති 9 කට නඩු

September 9, 2018 3:28 am | Lanka Lead News

ආණ්ඩුවෙන් ඉවත් වුවද තමන් දැරූ අමාත්‍යාංශවලට අයත් නිල නිවාසවල තවමත් රැුඳී සිටින සහ ඒවා මෙතෙක් භාර නොදුන් ශ‍්‍රීලනිප හිටපු කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් 9 දෙනකුට එරෙහිව නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

හිටපු ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර, හිටපු වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි, හිටපු රාජ්‍ය ඇමැතිවරුන් වන ඩිලාන් පෙරේරා, සුසන්ත පුංචි නිලමේ, ටී. බී. ඒකනායක, හිටපු නියෝජ්‍ය ඇමැතිවරුන් වන සුමේධා ජී. ජයසේන, ඩුලිප් විජේසේකර සහ තාරානාත් බස්නායක යන මැති ඇමැතිවරුන්ට එරෙහිව මෙසේ නඩු පැවරීමට කටයුතු යොදා ඇත.

මෙම නව දෙනා අතරින් 7 දෙනකු පසුගිය අපේ‍්‍රල් මාසයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්‍ෂව ඡුන්දය ලබාදී පසුව ආණ්ඩුවෙන් ඉවත් වූවෝ වෙති.

එසේ ආණ්ඩුවෙන් ඉවත් වූ ඇමැතිවරුන් 16 දෙනා අතරින් තමන් භාවිත කළ නිල නිවස යළි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට භාරදී තිබෙන්නේ සමාජ සවිබල ගැන්වීම් සහ සමාජ සුබසාධන ඇමැති එස්. බී. දිසානායක මහතා පමණක් බවත් වාර්තා වේ.

එසේ ඉවත් වූ 16 දෙනා අතරින් අනෙක් ඇමැතිවරුන් අමාත්‍යාංශයට අදාළ නිල නිවාස පරිහරණය සඳහා යොදාගෙන නැත.

නඩු පැවරීමට නියමිත අනෙක් මන්ත‍්‍රීවරුන් දෙදෙනා වන්නේ හිටපු ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නිමල් ලන්සා සහ හිටපු තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර යන මහත්වරුන්ට එරෙහිවය.

පක්‍ෂයට අදාළ විනය කඩකිරීමේ චෝදනාව මත ඩුලිප් විජේසේකර මහතා 2017-10-29 වැනි දින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කරන ලද අතර නිමල් ලන්සා මහතා 2017-12-19 වැනි දින සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විණි.

ඇමැති ධුරවලින් ඉවත් වූ ඉහත මන්ත‍්‍රීවරුන්ට සිය නිල නිවාස යළි භාරදෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කිහිප වතාවක් දන්වා ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් ඔවුන් සැලකිල්ලක් නොදක්වා ඇත.

ඒ අනුව ඉහත මන්ත‍්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබෙන බව එකී අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ පිළිබඳව අමාත්‍යාංශ බලධාරියකු ප‍්‍රකාශ කළේ අදාළ මැති ඇමැතිවරුන්ට එරෙහිව නීතිමය කටයුතු මේ සතියේ ආරම්භ කිරීමට නියමිත බවත් ඒ අනුව නිල නිවාස ඉක්මනින් පවරා ගැනීමට කටයුතු කරන බවත් ය.
-Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More