GOSSIP

ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා පැවැත්වූ ජනබලය කොළඹට විරෝධතාව අසාර්ථක වීමත් සමග එය සංවිධානය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

මේ හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදය යළිත් උග්‍ර අතට හැරෙමින් පවතින් අතර ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙයවමින් ජයග්‍රහණය කරා ගෙන ගිය බැසිල් රාජපක්ෂ මහතා ඒකාබද්ධයේ වැඩ කටයුතුද බාර ගත යුතු බවයි.

ජනබලය කොළඹට විරෝධතාවයෙන් පසු ඒකාබද්ධයේ ප්‍රබලයින් බැසිල් රාජපක්ෂ මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගනිමින් මේ පිළිබඳව පෙන්වා දී ඇති අතර බැසිල් රාජපක්ෂ මහතා ඒකාබද්ධයේ වැඩිකටයුතුවලට මැදිහත්වන්නේ නම් පමණක් ඉදිරියට සහය දක්වන බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් වැඩි කාර්ය බාරයක් බාරව සිටියේ හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාටය. ඔහු රටපුරා මහා සංවිධාන ජාලයක් ගොඩනගාගෙන තිබුණු අතර ඒකාබද්ධ විපක්‍ෂයේ කටයුතුද ඔහු විසින් සංවිධානය කෙරිණි. එහෙත් මෑතකදී රාජපක්‍ෂ සහෝදරයන් අතර හටගෙන තිබෙන යම් යම් මත ගැටුම් හේතුවෙන් බැසිල් රාජපක්‍ෂ තරමක් පසුගාමී තත්ත්වයකට පත් වී තිබෙන බවක් දක්නට ඇතැයි ඇතැම් පිරිස් අදහස් දක්වා තිබිණි.

ඒකාබද්ධ විපක්‍ෂයේ බැසිල් හිතවාදී දේශපාලනඥයෙක් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමඟ ඒ පිළිබඳව අදහසක් ප්‍රකාශ කර ඇත්තේ “බැසිල් තමයි සංවිධාන කටයුතුවලට හොඳම මිනිහා. මිනිස්සු රැස්කරන්න බැසිල්ට හොඳ සංවිධාන ජාලයක් තිබෙනවා. ඒ නිසා බැසිල් නැතිව මේ වගේ සංවිධානාත්මක කටයුතු කරන්න අමාරුයි” යනුවෙනි.

එහෙත් බැසිල් රාජපක්‍ෂ “කොළඹට ජනබලය” සංවිධානය කරන්නට ඉදිරිපත් වූයේ නැත. ඒ වෙනුවෙන් කිසිදු කැපකිරීමක් බැසිල් රාජපක්‍ෂගෙන් සිදු නොවූ බවට ඒකාබද්ධයේ නායකයෙක් එළිපිටම චෝදනා කර තිබිණ. මෙවර සැලසුම් කර හෝ නොකර බැසිල් රාජපක්‍ෂ විදෙස් ගත වී තිබිණ. “නාමල්ගේ වැඩක් විදියට තමයි මේක මුල ඉඳන්ම ප්‍රකාශයට පත් වෙලා තිබුණේ. ඒකට බැසිල්ගෙ වැඩි මනාපයක් නැහැ. ඒ නිසා කරල බලන්න කියල වගේ අදහසක් දීලා බැසිල් රට ගියා” යැයි ද සුළු දේශපාලන පක්‍ෂයක නායකයෙක් කියා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More