නොවැම්බර් 08 වැනිදා ආරම්භ වන අය _ වැය විවාදයේදී ආණ්ඩුව වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ කණ්ඩායම් දෙකක් වෙන වෙනම සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති සමඟ ඉදිරියටත් මෙම ආණ්ඩුව ගමන් කළහොත් ඉතා දරුණු ආර්ථික අගාධයකට රට ගමන් කරන බවත් ඇමෙරිකානු ඩොලරයේ අගය ශීඝ්‍ර ලෙස ඉහළ යමින් රුපියල අවප්‍රමාණය වීම ඇතුළු ආර්ථික කරුණු රැසක් මෙම සාකච්ඡාවලදී අවධානයට ලක්වී ඇති බවත් වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙයි.
‘ජනබලය – කොළඹට’ විරෝධතා ව්‍යාපාරයට විශාල පිරිසක් සහභාගි වී ඉතා කඩිනමින් මහා මැතිවරණයක් පවත්වන ලෙසට ආණ්ඩුවට බලකර සිටි බවත්, රටේ පොදු මහජනතාවගේ මෙම බලකිරීම සම්බන්ධයෙන්ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පවත්වන කණ්ඩායම්වල අවධානය යොමු වී තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
අය _ වැය විවාදය නොවැම්බර් මාසයේදී ආරම්භ වන නිසාත් අය _ වැයේදී ආණ්ඩුව වෙනස් කිරීමට හොඳ අවස්ථාවක් ලැබී තිබෙන නිසාත් ඒ සඳහා ආණ්ඩුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂවලද සහාය ලබාගෙන ආණ්ඩුව වෙනස් කිරීමට අදාළ වන මෙම සාකච්ඡා දිගටම සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවත් නානායක්කාර මහතා ප්‍රකාශ කරයි. 15 දෙනාගේ කණ්ඩායමේ ජේයෂ්ඨයන් කිහිපදෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ මෙම සාකච්ඡාව පවත්වන බවත් තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟද මෙම සාකච්ඡාව සිදුකරන බවත් නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩුව වෙනස් කිරීමට අවස්ථාවක් ලැබුණු විට අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නවාද කියා තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ බවත් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් රට හා පොදු ජනතාව වෙනුවෙන් එය මඟහරින්නේ නැති බවට මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රතිචාරයක් ලැබුණු බවත් වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
– Mawbima
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...