මුහුණු පොතෙන්

ශ්‍රී ලංකාවේ බුද්ධිමතුන් අතර ඉහළින්ම සිටිනා වියතෙක් ලෙස මහාචාර්ය චන්න ජයසුමන ප්‍රසිද්ධ ය. මේ වනවිට මහාචාර්ය චන්න ජයසුමනයන් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ භිෂග්වේදය පිලිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කරමින් තිබේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී වාර්තාවක් තබමින් මහාචාර්ය චන්න ජයසුමන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පාඨ ග්‍රන්ථයකට පරිච්ජේදයක් සැපැයූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් ව ඇත. ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පිළිබදව අනාවරණය කරමින් ආසනික් පිළිබදව රටට හෙළිකළ වියතුන් අතර මහාචාර්ය චන්න ජයසුමනයන්ද පෙරමුණේ සිටියේය.

කෘෂිකාර්මික ජන ප්‍රජාව අතර පැතිර යන වකුගඩු රෝගය පිලිබඳ හෙතෙම වකුගඩු රෝග පිලිබඳ ඔක්ස්ෆර්ඩ් පාඨ ග්‍රන්ථයට සැපයූ පරිච්ජේදය එම ග්‍රන්ථයේ හතරවන සංස්කරණයේ නව මුද්‍රණයේ 366 වන පරිච්ජේදය ලෙස ප්‍රකාශයට පත් ව ඇත.

පරිච්ජේදයේ පළමු කතෘ මහාචාර්ය ජයසුමන වන අතර එල් සැල්වදෝර ජාතික මහාචාර්ය කාලෝස් ඔරන්ටේස් සහ බෙල්ජියානු ජාතික මහාචාර්ය මාර්ක් ඩි බ්‍රෝ දෙවන සහ තෙවන කතුවරු ලෙස ක්‍රියා කරයි.

ඔක්ස්ෆර්ඩ් පාඨ ග්‍රන්ථ බටහිර වෛද්‍ය විද්‍යාවේ අධිකාරීබව උසුලන ප්‍රමුඛ පාඨ ග්‍රන්ථ ලෙස ලොව පුරා ප්‍රචලිතය. එලෙසින් බටහිර වෛද්‍ය විද්‍යාවේ වියතුන් අතර පවා පිළිගැනීමට ලක්වූ මහාචාර්ය චන්න ජයසුමනයන් ශ්‍රී ලාංකික හෙළ වෙද ශාස්ත්‍රය සහ ශ්‍රී ලාංකික දැනුම පද්ධතිය බටහිර දැනුමට නොදෙවෙනි දැනුම් පද්ධතියක් බවට ඔප්පු කිරීමේ පුරෝගාමියෙකි.

මීට අමතරව මහාචා‍ර්යතුමන් රජරට වකුගඩු රෝගයෙන් පීඩා විදින ගොවි ජනතාව වෙනුවෙන් පෙනිසිටි අතර උතුරු නැගෙනහිර හුදෙකලාව තිබු සිංහල ගම්මාන වෙත ගොස් එම ජනතාව වෙනුවෙන් පෙනී සිටීමටද කැපවූයේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More