දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මියගේ වැඩිමල් සොයුරු දොස්තර සුභාශ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර අවසන් කටයුතු අද (07) පස්වරු 4.00 ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමයට නියමිතය. දේහය දැනට බොරැල්ල ජයරත්න අවමංගල්‍යාගාරයේ තැන්පත් කර ඇත.

රෝහණ විජේවීර මහතා සමග රුසියාවේ ජනතා මිත්‍ර සරසවියේ වෛද්‍ය අධ්‍යාපනය ලැබූ දොස්තර සුභාශ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා තම බිරිද හඳුනාගත්තේ ද රෝහණ විජේවීර මහතා මගිනි. මීට දශක කීපයකට පෙර සිට ගම්පහ ප්‍රදේශයේ පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය වෛද්‍ය ප්‍රනාන්දු මහතා ප්‍රදේශයේ කීර්තිමත්ම වෛද්‍යවරයෙකි.

දැඩි වාමාංශික අදහස් සිතුතුළ දරා සිටි ඔහු දෙදරු පියෙකු වන අතර ජීවිතයේ අවසන් භාගයේ කැළණිය වනවාසල තෙලගපාත වැඩිහිටි නිවාසයේ සිටි අතර සිය වකුගඩු අකර්මන්‍ය වීම හේතුවෙන් දැඩි සිත් තැවුලකට පත්ව සිටියේය. පෙරේදා (05) උදෑසන කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇති අතර එය දිවිනසාගැනීමක් බව මරණ පරීක්ෂණයේදී සනාථ වී ඇත.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73කි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More