විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රටෙි ඒකිය භාවයට තර්ජනයක් ඇති විය හැකි බැවින් පිවිතුරු හෙළ උරුමයේ නායක ප.ම උදය ගම්මන්පිල මහතා විසින් ශේෂ්ඨාධීකරනයට අද දින පෙත්සමක් ගොනු කරන ලදි.
ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එම පනත් කෙටුම්පත ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් ස්ථිර කරන ලදී.
මෙම සංශෝධන කෙටුම්පත පසුගිය මැයි 25වනදා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විසින් කතානායකවරයා වෙත භාර දුන් අතර ඉන් පසු එය නීතිපතිවරයා වෙත යොමු කරන ලදී. නීතිපති විමර්ශනයෙන් පසු එය ගැසට් කළ අතර ඉන් පසු මෙසේ අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව ඉදිරියේදී මීට අදාළ විවාද පැවැත්වීම ඇතුළු කටයුතු සිදුවනු ඇත.
ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොළඹට’ විරෝධතාවය හේතුවෙන් අද පාර්ලිමේන්තුවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ නැතැයි වාර්තා වේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන 20 වන සංශෝධනයට ඒකාබද්ධ විපක්ෂය මීට පෙර විරෝධය පළ කර තිබිණි.
20ට එරෙහිව පිවිතුරු හෙළ උරුමය ශ්‍රේෂ්ඨාධිකරණයට
20ට එරෙහිව පිවිතුරු හෙළ උරුමය ශ්‍රේෂ්ඨාධිකරණයට20 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් අද දින (2018.09.07) කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් භාර දීමෙන් අනතුරුව එ් මහතා විසින් මාධ්‍ය වෙත දක්වන ලද අදහස්. පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර, සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝණාර, ජාත්‍යන්තර කටයුතු ලේකම් රෝහණ තල්පාවිල යන මහත්වරුන්ද මේ අවස්ථාවට සහභාගී විය.
Gepostet von Udaya Prabhath Gammanpila am Freitag, 7. September 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...