හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ශ්‍රී ලංකාව දියුණු කිරීමේ නව්‍යකරණ දැක්ම පිළිබදව සාකච්චා කිරීමට විශේෂ හමුවක් පසුගියදා සංවිධානය කර තිබුණි.
මාධ්‍යයකට සම්බන්ධ ප්‍රබල පුද්ගලයෙකු විසින් සංවිධානය කර තිබූ මෙම හමුවේ මුලසුන දරණු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි.
අදාල සාකච්ඡාව ආරම්භ වී සුළු වේලාවකින් කිසියම් අඩුපාඩුවක් වී ඇති බව අවබෝධ වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවට පැමිණ සිටි අයගෙන් විමසා ඇත්තේ මේ සදහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නොපැමිණ ඇත්තේ මන්ද යන්නයි. තරුණ මන්ත්‍රීවරුන්ගේ හමුවක් නම් නාමල් රාජපක්ෂ මේ සඳහා සහභාගි විය යුතු නොවේදැයි ඔහු විමසා තිබේ. ඊට පිළිතුරු දුන් මේ හමුවේ සංවිධායක පවසා ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ආරාධනා කිරීමට තමාට අමතක වූ බවයි.
එම හමුවේ ඡායාරූප පහතින්,

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...