දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පවත්වන ලද ජන බල විරෝධතාවය ඉතමෙ සාර්ථක ලෙස පැවැත්වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

‘‘අපි සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වූවා. හැබැයි පොලිසිය එතැනින් නතර වුණේ නැහැ. උදෑසනම අපේ බස් රථවලට ගහන්න පටන් ගත්තා. ජනතාව බය කරන්න උත්සාහ කළා. හැබැයි කිසිවක් නොතකා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට ආවා.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස සිටින කාලයේ ඔහුගේ ක්‍රමවේදය තමයි මෙවැනි ජන රැලියක් පවත්වලා මිනිහෙක් දෙන්නෙක් මරාගන්න එක. අපි පුන පුනා කිව්වා අපි කොළඹට එන්නේ සාමකාමී සත්‍යක්‍රියාවකට කියලා.

කොළඹ මහ නගර සීමාව කියන්නේ එජාපයේ හදවත. අපි ආවේ එජාපයේ හදවතට. මේ රටේ ජනතාව බය නැතිව මොන බලපෑම ආණ්ඩුවෙන් ආවත් කොළඹට ආවා.
ශ්‍රී ලනිප සම්මේලනය තිබුණද නැද්ද කියලවත් කවුරුත් දන්නේ නැහැ. අද එජාපයේ සම්මේලනය සිරිකොතේ තියෙනවා. කාමරේකට සීමා වෙලා. ඒ කියන්නේ ආණ්ඩුව කරවන පක්ෂ දෙකම අද බංකොළොත් භාවයට පත්වෙලා තිබෙන්නේ.

අපි මේවා කරන්නේ අධිකරණයෙන් බේරෙන්න කියලා සමහරු කියනවා. හැබැයි අපට එහෙම අධිකරණය පොලිසිය මඟහරින්න කිසිම වුවමනාවක් නැහැ‘‘

ලක්ෂ දෙකක ජනතාව අපිත් සමඟ රාත්‍රී 12 වෙනකම් ගත කරා

ලක්ෂ දෙකක ජනතාව අපිත් සමඟ රාත්‍රී 12 වෙනකම් ගත කරා Like Us :- Breaking.lkYoutube link :- https://youtu.be/794N9wH4WGE

Gepostet von Breaking.lk am Donnerstag, 6. September 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More