දේශීය පුවත්

2019 අයවැය නොවැම්බර් 8

September 7, 2018 5:59 am | Lanka Lead News

ආණ්ඩුවේ 2019 වසර සඳහා වන අය වැය ‍ලේඛනය නොවැම්බර් මස 08 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පක්ෂ නායකයන්ට ඊයේ (06) දැනුම් දී ඇත.

ඒ අනුව අය වැය ‍ලේඛනය පිළිබඳ විවාදය නොවැම්බර් මස 08 වන දින සිට දෙසැම්බර් මස 08 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. සෙනසුරාදා දිනයන්හිද අය වැය විවාදය පැවැත්විමට පක්ෂ නායකයෝ තීරණය කර ඇත.

ආණ්ඩුවේ 2019 වර්ෂයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස මුල සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා බවද සභානායකවරයා පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ. අය වැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 08 දා පැවැත්වෙනු ඇත.

මෙවර අය වැය විවාදය සඳහා දින 24 ක් වෙන් කර ඇති බැවින් තවත් දින දෙකක් විවාදය සඳහා ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු මෙහිදී ඉල්ලා ඇතත් ඒ පිළිබඳ අවසන් තීරණයකට පැමිණ නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More