දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය කොළඹට විරෝධතාව සඳහා 16 දෙනාගේ කණ්ඩායමෙන් 15 දෙනෙකු සහභාගි වූ බැවින් හැකි නම් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පක්ෂ මහලේකම්වරයාට අභියෝග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු නොවන බවත්, මේ නිසා ඔහුට පක්ෂයේ කිසිවෙකුටත් විනය ක්‍රියාමාර්ග ගත නොහැකි බවත් ඊයේ (06 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමට යන පිරිසට විනය ක්‍රියාමාර්ග ගන්නා බවට මහලේකම්වරයා ප්‍රකාශ කර තිබෙන බවත්, 16 දෙනාගේ කණ්ඩායමේ දයාසිරි ජයසේකර මහතා නොමැති අතර, මේ නිසා ඉතිරි 15 දෙනාම විරෝධතා ව්‍යාපාරයට සහභාගි වූ බවත් ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් මෙහිදී පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More