දේශීය පුවත්

ඇමැති ධූරයෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ 16 කණ්ඩායමේ කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා තවමත ඇමැති නිල නිවස තවමත් රජයට බාර දී නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වත්මන් යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා භාවිත කළේ කොළඹ විජේරාම මාවතේ පිහිටි ඇමැති නිල නිවස වන අතර එය නැවත අලුත්වැඩියා කර ඇතැයිද වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුට ගෙන ආ පසුගිය අප්‍රේල් 04 වැනිදා ඔහු ආණ්ඩුවෙන් ඉවත් වූයේය. එම ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙහි ෆයිසර් මුස්තාෆා මහතා දිවිරුම් දුන්නේ මැයිමස පළමුවැනිදායි.

ඒ අනුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අමාත්‍ය ධුරයෙන් ඉවත්ව අදට මාස තුනක් ගතව ඇතැත් ඔහු තවමත් අමාත්‍ය ධුරකාලයේදී භාවිත කළ නිල නිවස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට භාර දී නොමැත. එම නිවස පිහිටා ඇත්තේ කොළඹ හත හෙක්කර්කොබ්බෑකඩුව අංක සී – 78 දරණ ස්ථානයේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අවස්ථා ගණනකදී එම නිල නිවසින් ඉවත්ව එය තමන්ට භාර දෙන්නැයි දයාසිරි ජයසේකර මහතාට දන්වා ඇතත් එය දයාසිරි මන්ත්‍රීවරයා එය කිසිදු සැලකිල්ලකට ගෙන නැතැයි වාර්තා වේ.

ඒ අනුව දයාසිරි ජයසේකර මහතාට එරෙහිව නඩු පවරා නිවස නැවත ලබා ගන්නා ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර ඇතැයිද එම ආමත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More