දේශීය පුවත්

හැන්ද තිබෙන වෙලාවේ බෙදිය යුතු බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ අද(06) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප 72 වැනි සම්මේලනයට සහභාගී වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“මේ රටේ දැවැන්ත සංවර්ධන ගමන ඉදිරියේදී ක්‍රියාත්මක කරන පෙරගමන්කරුවා බවට අපේ පක්ෂය පත් කිරීමයි. එසේ කරන්නට නම් මේ රටේ රජුන් තනන, මේ රටේ නායකවරුන් බිහිකරන, මේ රටේ නිහඬ බහුතරයට අපි දිය හැකි උපරිම සේවාව සීමා මායිම් නැතුව සම්ප්‍රදානුකූල චක්‍රලේඛනවලට, රාමුවලට කොටු වෙන්නේ නැතුව බලය තියෙන මේ වෙලාවේ, රාජ්‍ය බලය කියන ඒ බලවත් හැන්ද අතේ තිබෙන මොහොතේ අපි අපේ සමාජ වගකීම යුතුකම අපි ඉෂ්ට කරන්නට ඕනේ. මේ රටේ ගොවියා, ධීවරයන්, කම්කරුවා, දුප්පත්, මධ්‍යම පාන්තිකයා, රාජ්‍ය සේවකයන් පහළ සිට ඉහළ දක්වා ඉහළ සිට පහළ දක්වා හැමෝටම හැන්ඳ තියෙන වෙලාවේ ඇති තරම් බෙදන්න ඕනේ. අපි වසර ගණනාවක් විපක්ෂයේ හිටියා ඇඳ නැතුව, රාජ්‍ය බලය නැතුව, ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඒ තීක්ෂණ බුද්ධිය, ක්‍රමෝපාය සැලැස්ම තුළ රාජ්‍ය බලය අතට ගත්තා. දැන් හැන්ද තියෙනවා. හැන්ඳ තියෙන වෙලාවේ හැන්ඳ දිහා බල බල හැන්ඳ ලස්සනයි නේද ? හැන්ඳ ආරක්ෂා කරන්න ඕනෙ නේද ? දැන් ඒවා ගැන හිතපු කාලේ අපි අමතක කරලා දාන්න ඕනේ. ඉදිරි කාලය තුළ අපි අපේ පාක්ෂිකයන් රකින්න ඕනේ. ඔය රීති, කොන්දේසි රෙගුලාසි ඔක්කොම ඉරල දමලා අලුත් රෙගුලාසි සෙට් එකක් හදලා අපේ පාක්ෂිකයන් සුරක්ෂිත කරන්න මම විශ්වාස කරනව ගරු අග්‍රාමාත්‍යතුමා දැනටමත් ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න පිඹුරුපත් සකස් කරන වැඩේ ක්‍රියාත්මක කරමින් ඉන්නවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More