විදේශ පුවත්

ස්පාඤ්ඤයෙන් වෙන් නොවන ලෙස කැටලෝනියාවට බල කරමින් බාසිලෝනා නුවර දැවැන්ත පෙළපාලි ආරම්භ වී තිබේ.

ජනතාව මෙසේ වීදි බැස ඇත්තේ කැටලෝනියාවේ ස්වයං පාලන බලය ඊයේ (ඔක්. 28) අහෝසි කරමින් එහි පාලනය ස්පාඤ්ඤ ආණ්ඩුවට පවරා ගැනීමෙන් අනතුරුවය.

මැඩ්රිඩ් පාලනය විසින් ඊයේ උදෑසන එවැනි තීන්දුවක් ගනු ලැබුවේ කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා සිකුරාදා (ඔක්. 27) කැටලන් පාර්ලිමේන්තුව තීරණය කිරීමට එරෙහිව ප්‍රතිචාර දක්වමිනි.

නිල නිවේදනයක් නිකුත් කරමින් කැටලන් නායකයන් ධුරවලින් ඉවත් කර ඇති අතර අද වීදි බැස සිටින බොහෝ දෙනා අත පවතින සටන් පාඨ සහිත පුවරුවල දැක්වෙන්නේ බලයෙන් පහ කරන ලද කැටලෝනියා නායක කාලෙස් පුයිජ්මොන් (Carles Puigdemont) සිර ගත කළ යුතු බවය.

කැටලෝනියානු ප්‍රාදේශීය ආණ්ඩුව විසුරුවා හරිමින් ස්පාඤ්ඤ ආණ්ඩුව නිවේදනය කර ඇත්තේ කැටලෝනියාවට හදිසි මැතිවරණයක් ද කැඳවමිනි. එය පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මාසයේදී ය.

කෙසේ නමුත් බලයෙන් පහ කර සිටින කැටලෝනියානු නායක කාලෙස් පුයිජ්මොන්ට ද අවශ්‍යනම් මෙම මැතිවරණයට තරඟ කළ හැකි බව මැඩ්රිඩ් පාලනය ප්‍රකාශ කළේය.

ස්පාඤ්ඤයෙන් වෙන්වීම සඳහා ජනවරමක් ලබා ගැනීමට කැටලෝනියාව පසුගිය දා ජනමතවිචාරණයක් පැවැත්වීය.

එහි ප්‍රතිඵලය නිකුත් කරමින් කැටලෝනියානු ප්‍රාදේශීය ආණ්ඩුව කියා සිටියේ 43%ක් වූ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 90%ක් ස්පාඤ්ඤයෙන් වෙන්වීම සඳහා අනුමැතිය දී ඇති බවය.

එම ජනමත විචාරණය ආණ්ඩුක්‍රම නීතියට පටහැණි බව ව්‍යවස්ථා අධිකරණය විසින් තීන්දු කරනු ලැබ තිබුණි. එමෙන්ම ජනමත විචාරණය නොපවත්වන මෙන් ස්පාඤ්ඤ ආණ්ඩුව නියෝග කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More