මුහුණු පොතෙන්

මහා ශිෂ්ටාචාරයකින්, ස්වදේශික භාෂාවකින්, අනන්‍ය සංස්කෘතියකින්, දේශීය දැනුමකින්, ගොඩබිම් සහ සාගර ස්වාභාවික සම්පත්වලින්, බුද්ධි මට්ටමින් සාපේක්ෂ ව ඉහළ මානව සම්පතකින් .. ආදියෙන් අනූන අප රට ආක්‍රමණය කරමින්, බටහිර ජාතිකයන් මේ රට තුළ ම, වසර 500ක කාලයක් තිස්සේ රැඳී සිටිමින්, ඔවුනොවුන් මරා ගැනුණේ විනෝදයට නො වේ.

අප රට තිබෙන්නේ ද උපාය මාර්ගික වශයෙන් වැදගත් වන මුහුදු ගමන් මාර්ගයක වීම, ඊට සහේතුක ය.

කෙසේ වෙතත්, ම්ලේච්ඡ බටහිර ආක්‍රමණිකයන්ට ඔත්තු දීමෙන්, ජාතිය පාවාදුන් පාදඩ රදළ පන්තියේ, පරගැති පුද්ගලයන් විසින් අටවන ලද, එක්සත් ජාතික පක්ෂය වැනි, පක්ෂ මේ රටට එදා මෙදා තුර සිදු කර තිබෙන හානිය සුළු පටු නැත.

මේ රට නිදහස ලබා ගත යුතු ව තිබුණු සමයේ, එයට මැදිහත් වෙමින්, සුදු අධිරාජ්‍යවාදීන් ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් බැලමෙහෙකම් කළ එක්සත් ජාතික පක්ෂය ස්වකීය ආරම්භක සමයේ සිට ම, සිංහල-දෙමළ අර්බුදයක් ඇති කිරීමට උත්සාහ ගත් බව පෙනේ.

එ් සඳහා හින්දු විරෝධී දෙමළ අන්තවාදීන් ගේ අත් උදව්ව නොමඳ ව ලැබී තිබේ. එහි මූලාරම්භය ඉතා සංකීර්ණ ය. අමෙරිකානු ඉවැන්ජලික මූලධර්මවාදීන් ගේ සංක්‍රමණය ඔස්සේ මේ අර්බුදය නිර්මාණය වී තිබෙන බව, සාධක සහිත ව පෙන්වා දිය හැකි ය. එකී සමාජ අර්බුදයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන US Aid ආයතනයෙන්, මුල සිට ලබා දි තිබේ.

මෙලෙස ඇති කෙරෙන, ඊනියා වර්ගික ගැටලුවට සිංහල-දෙමළ පොදුජන සමාජයෙන් එපමණ අනුග්‍රහයක් නො ලැබෙන විට, 1977දී JR රට පුරා සිටි සමාජ අපරාධකරුවන් සංවිධානය කරමින් අලුත් වටයකින් ආරම්භ කළ බව පැහැදිලි ය.

ඒ අනුව, සමාජ අපරාධකරුවන්ට සාම විනිසුරු පදවි දී, ඔවුන් ගේ ත්‍රාඩ සමාජභාවය නිල මට්ටමට රැගෙන එන ලදී. එමතු ද නො ව, එවැනි සමාජ අපරාධකරුවන්ට එක්සත් ජාතික පක්ෂයේ විධායක කමිටු සාමාජිකත්වය ද ලබා දුන්නේ ය.

1981දී, එක්සත් ජාතික පක්ෂයේ ඇමතියන් ගේ මූලිකත්වයෙන් යාපනේ පුස්තකාලයට ගිනි තබමින් ද, 1983දී ආණ්ඩුවේ මැරයන් ගේ මූලිකත්වයෙන් ‘කලු ජූලිය’ නිර්මාණය කරමින් ද, එක්සත් ජාතික පක්ෂයේ සාපරාධී දේශපාලනය උත්සන්න කෙරිණි. 1988/89 යනු, මේ ක්‍රියාවලියේ ම ව්‍යාතිරේකයකි.

අද වන විට, උතුරේ අර්බුදය නැවතත් අවුළුවමින් සිටින එක්සත් ජාතික පක්ෂය, ජී.ජී. පොන්නම්බලම් ගේ 50-50 ඉල්ලීම, සම්බන්ධන් මගින් කරළියට නංවා තිබේ.

ආසන 16ක් පමණක් හිමි, දෙමළ ජාතික සංධානයට විපක්ෂයේ බලය ලබා දීමට මූලික වශයෙන් කටයුතු කර තිබෙන්නේ, එක්සත් ජාතික පක්ෂයේ බෙදුම්වාදී දේශපාලනය ම විනා, අනෙකක් නො වේ.

එහිදී, ආසන 16යේ, සංඛ්‍යාත්මක වටිනාකම ගණන් ගත යුතු නැති බව පෙන්වා දෙන, එක්සත් ජාතික පක්ෂය පවසන්නේ, දෙමළ ජාතිකත්වය පදනමක් ලෙස සලකා, ඊට වඩා ආසන තිබෙන කණ්ඩායමකට විරුද්ධ පක්ෂය ලෙස පෙනී සිටිමේ අයිතිය නොදී, දෙමළ ජාතික සංධානයට ලබා දීම සාධාරණ බවයි.

එක්සත් ජාතික පක්ෂය, සැබැවින් ම දෙමළ ජාතිකයන්ට ආදරය කරන්නේ නම් කළ යුත්තේ කුමක් ද?

ආසන 16යේ සංඛ්‍යාත්මක පදනම නො සලකා, දෙමළ ජාතික සංධානයට ආණ්ඩුව බාර දී, ‘දෙමළ ප්‍රේමය’ ප්‍රකාශ කිරීම ය.

එහෙත්, එය කිසිදා නො කෙරෙන බව, අපි දනිමු.

ඔවුන්ට අවශ්‍ය වන්නේ ගැටුම පවත්වා ගෙන යෑම පමණි.

එක්සත් ජාතික පක්ෂයේ කෛරාටික, බෙදුම්වාදි දේශපාලනය යනු, මෙයයි.

– කුමාර ලියනගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More