ප‍්‍රධාන පුවත්

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹ ලේක්හවුස් වටරවුමේ ආරම්භ කරන ලද සත්‍යග‍්‍රහය අවසන් කරන්නට තීරණය කිරීමත් සමග විරෝධතා ව්‍යාපාරය සඳහා සම්බන්ධවීමට පැමිණි පිරිස් අතරින් බොහෝමයක් නැවත ගම්බිම් බලා පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව රාත‍්‍රී 12.00ට සත්‍යග්‍රහය අවසන් කරන බව සංවිධායකයන් පැවසීමත් සමග ජනතාව රඳවා ගැනීම වෙනුවෙන් විවිධ අංග ඒකාබද්ධ විපක්ෂය විසින් ලේක් හවුස් වටරවුම ආසන්නයේ සිට සංවිධානය කර තිබුණත් ජනතාව එයද නොතකමින් ඉවත් ගිය බව වාර්තා වෙයි.

රැය පහන් වන තුරු සත්‍යග‍්‍රහයක් පවත්වන්නට තීරණය කර තිබුනද දුර බැහැරින් පැමිණි ජනතාව නිවෙස් බලා යාම හේතුවෙන් මෙම තිරණය ගත්බව ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායකයෝ පවසති.

‘දැන් ආණ්ඩුව ගත්තාද? මහින්ද අගමැතිද?’ අසමින් සමච්චල් කරන නිර්මාණ සමාජ ජාලයන්හි මේ වන විට හුවමරු වෙමින් පවතින අතර නිසි සංවිධානයකින් තොරව මෙය සංවිධානය කර තිබූ බව පවසමින් එහි සිටි ජනතාව අදහස් පළ කරන වීඩියෝවක් සිරස රූපවාහිනිය විකාශණය කළේය.

කිසි තේරුමක් නැති වැඩක් මේක…

කිසි තේරුමක් නැති වැඩක් මේක…රැළියට ආ ජනතාව අවසානයේ කී දේ… #lka #News1st #Colombo #CMBProtest

Gepostet von Newsfirst.lk am Mittwoch, 5. September 2018

.

'දැන්වත් බැහැලා පලයල්ලා'ජනබලය කොළඹට2018-09-05 ටී.වී. දෙරණ රාත්‍රී 10.00 ප්‍රවෘත්ති

Gepostet von Wimal weerawansa am Mittwoch, 5. September 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More