ප‍්‍රධාන පුවත්

වත්මන් ආණ්ඩුව පෙරළීමට එක් වෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අද (05) කොළඹ, ලේක්හවුස් වටරවුමේ පැවැත් වෙන “ජනබලය කොළඹට“ ජන රැළිය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

අද වන විට ජනතාවට හැම අතින්ම පිඩාවට ලක්වීමට සිදුව ඇති බව ද ඔහු කියා සිටියේය.

ආණ්ඩුව අද වන විට රට බෙදන හොර පනත් ගෙන එන බවත්, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තුරන් වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අද වන විට පළාත් සභා මැතිවරණයක් හෝ ජනතාව ඉදිරියේ පැවැත්වීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

විපක්ෂයේ කාර්ය බාරය ලෙස ජනතාව සමඟ එක්ව අද දිනයේ මහ පාරේ සිටින්නේ මෙම ආණ්ඩුව පෙරළා දැමීමට බවත් එයට සියලු දෙනාට එක් වෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

පහුගිය කාලයේ තමා විසින් ත්‍රස්ථවාදය තුරන් කළ බවත්, එනිසා අද සියලු දෙනා එය භුක්ති විඳින බවත් පැවසූ රාජපක්ෂ මහතා ඒ සිදු කළ කර්තවය පිළිබඳ සිතා අද දිනයේ සත්‍ය ක්‍රියාවක් සිදු කරන බවත්, එහි ආනිසන්ස බලයෙන් ආණ්ඩුව පෙරළා දැමීමට හැකි වෙනු ඇති බව තමා විශ්වාස කරන බවත් පැවසීය.

මේ අතර ජන රැළියට සමගාමීව පවත්වනු ලබන සත්‍යග්‍රහය ද අද රාත්‍රීයේ ආරම්භ කිරීමට නියමිත බවත් එය රැය පහන්වන තුරු පැවැත්වෙන බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය. එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එක්දිනක් නොව දින සියයක් යන තුරු වුවත් ආණ්ඩු විරෝධී අරගලය කිරීමට පසුබට නොවන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More