දේශීය පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එම පනත් කෙටුම්පත ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් ස්ථිර කරන ලදී.

මෙම සංශෝධන කෙටුම්පත පසුගිය මැයි 25වනදා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විසින් කතානායකවරයා වෙත භාර දුන් අතර ඉන් පසු එය නීතිපතිවරයා වෙත යොමු කරන ලදී. නීතිපති විමර්ශනයෙන් පසු එය ගැසට් කළ අතර ඉන් පසු මෙසේ අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව ඉදිරියේදී මීට අදාළ විවාද පැවැත්වීම ඇතුළු කටයුතු සිදුවනු ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොළඹට’ විරෝධතාවය හේතුවෙන් අද පාර්ලිමේන්තුවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ නැතැයි වාර්තා වේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන 20 වන සංශෝධනයට ඒකාබද්ධ විපක්ෂය මීට පෙර විරෝධය පළ කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More